ලංකාවේ කාන්තා – පුරුෂ අසමානතාව වැඩි වෙලා! බංග්ලාදේශය ලංකාවට වඩා ඉස්සරහින්!

කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව 2006 වසරේ සිට 2021 වන විට, එනම් වසර පහළොවක් ඇතුළත ශ්‍රී ලංකාව ස්ථාන 113ක් පහත වැටී තිබේ.

2021 ලෝක ආර්ථික සංසදය (WEF) නිකුත් කළ වාර්තාවට අනුව, 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණු අතර ලෝකයේ රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු විය.

නමුත් 2021 වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 116 වෙනි ස්ථානයයි. වසර පහළොවක් ඇතුළත ස්ථාන 113ක් ශ්‍රී ලංකාව පහත බැස තිබේ. එමෙන්ම, වසරක් තුළ ස්ථාන 14ක් පහත වැටීම ද අවධානයට ලක් විය යුතු කරුණකි.

වාර්තාවේ සඳහන් වන පරිදි මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකයට කාන්තාවන්ගේ ඇති අවම සහභාගිත්වයයි. එනම් පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.

කෙසේනමුත්, පසුගිය අවුරුදුවල පහළ ස්ථානවල සිටි රුවන්ඩාව, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි රටවල් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පසු කර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉහළට ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *