(VIDEO) ආණ්ඩුව ඇස්ට්‍රාසෙනිකා එන්නත බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලබා ගැනීමේ උත්සාහයක; සජිත් ගෙනුත් ඉල්ලීමක්

ආණ්ඩුව ඇස්ට්‍රාසෙනිකා එන්නත බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලබා ගැනීමේ උත්සාහයක

ආණ්ඩුව ඇස්ට්‍රාසෙනිකා එන්නත බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලබා ගැනීමේ උත්සාහයක

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියානු රජයන් සමග සාකච්ජා ආරම්භ කොට ඇත.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ ඉන්දියාවෙන් එන්නත් ‌තොග ලබා ගත නොහැකි තත්ත්වයක් යටතේ වෙනත් රටවලින් එම එන්නත් ලබා ගැනීම සදහා සාකච්ජා ආරම්භ කොට ඇති බවකි.

මෙම රටවල් දෙකෙන් එන්නත් මිලියන 45ක් ලැබීමට නියමිත බවත්, ඉන් කොටසක් හෝ හැකි ඉක්මණින් ලබා ගැනීම මෙම සාකච්ජාවේ අරමුණ බවත් දැනගන්නට ඇත.

මේ වනවිට ඉන්දීය එන්නතේ දෙවන වටය ලබා දීම ආරම්භ වී ඇති නමුත් ඒ සදහා සෞඛ්‍ය අංශ සතුව ඇත්තේ එන්නත් තුන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකි. පළමු වටයේදී ලක්ෂ 9කට අධික ජනතාවකට එන්නත් ලබා දීම සිදුවිය.

අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදෙස් තානාපතිවරන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදුකරනු ලැබීය.

මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ සහය, සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමේ සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඊට වඩාත් සුබදායි ප්‍රතිචාර ලැබී ඇති අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *