පාකිස්තානයේ ප්‍රංශ තානාපති නිසා ඉම්රාන් ඛාන් අවුලක පැටලෙයි

පාකිස්තානයේ අගනුවර ඉස්ලාමාබාද් නගරය පසුගිය සිකුරා දාවන විට ගිනිගෙන තිබිණි. එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ හිසද ඒ ගිනි දලුවලින් දැවිණි.

ඊට හේතුව පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයේ ආධාරකරුවන් දහස් ගණනින් වීදි බැස රජයටත් පාලනය කළ නොහැකි අන්දමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බැවිණි ඔවුනගේ කුපිතවීම ප්‍රංශයට එරෙහිවය

ප්‍රංශ තානාපති මාක් බෙයාටි වහාම පාකිස්තානයෙන් පිටමං කිරීම අන්තවාදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූවේය. මේ නිසා එරට වෙසෙන සමස්ත ප්‍රංශ ජාතික ප්‍රජාවටම ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් පාකිස්තානය හැරදමා වහාම රටින් පිටවන ලෙසට ප්‍රංශ තානාපති ඉල්ලා සිටියේය.

ප්‍රචණ්ඩත්වය පැතිරීම වැළැක්වීම සඳහා පාකිස්තානය විසින් පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය ජාලාද පැය ගණනාවකට අවහිර කරනු ලැබිණි. තම රටේ දේශීය අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙසින් වෙනත් රටකට (ප්‍රංශයට) එරෙහිව නැඟී සිටිද්දී ආණ්ඩුව ඒ ගැන නොතකා මුනිවත රැකීමෙන් ජාත්‍යන්තරයෙන් අත්වන අපකීර්තියෙන් මිදීමට පාකිස්තානය කටයුතු කිරීම නිසා කුපිත වූවෝ වීදි බැස උද්ඝෝෂණ කරන්නට වූහ.

“උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්ත්වයකට පත් අගමැති ඉම්රාන් ඛාන් තීරණය කළේ තමා බලයට පත් කළ පක්‍ෂය තහනම් කිරීමය. ඒ අනුව එරට පවත්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ නීිතිය යටතේ ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂය තහනම් කරන ලද බව එරට අභ්‍යන්තර ඇමැති ෂෙයික් රෂීඩ් අහමඩ් විසින් නිවේදනය කරනු ලැබිණු අතර පක්‍ෂ නායක “සාද් රිස්වි” ද අනතුරුව අත්අඩංගුවට ගැනිණි. “සාද් රිස්වි” අත්අඩංගුවට පත් වූයේ ප්‍රංශ තානාපති වහාම පිටමං කළ යුතු බව ප්‍රකාශ කිරීමත් සමගය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *