ඉන්දීය රජයේ “වැක්සින් මෛත්‍රී” නවතී: ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලංකාවට එන්න තවත් කල් යයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු පෞද්ගලික වෙළෙන්දෙකුගෙන් හෝ සමාගමකින් මිලදී නොගන්න - ඇස්ට්‍රාසෙනෙකා සමාගම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට දන්වයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු පෞද්ගලික වෙළෙන්දෙකුගෙන් හෝ සමාගමකින් මිලදී නොගන්න - ඇස්ට්‍රාසෙනෙකා සමාගම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට දන්වයි

ඉන්දීය රජයේ “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බවත් ඉන්දියාවේ පවතින තත්වයත් සමඟ එන්නත් අවශ්‍යතාව ඉහළ යාම මීට හේතු වී ඇති බවත් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙ සහ නේපාලය ඇතුළු රටවල් සඳහා “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් සැපයීම තවත් මාස කිහිපයකින් ප්‍රමාද වන අතර එම කටයුතු යළි ආරම්භ කරන දිනයක් මේ දක්වාත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබේ.

දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියත් සමඟ දේශීය එන්නත් අවශ්‍යතාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදානයන් හා මිලදී ගැනීම් ලෙස රටවල් විසින් ඉල්ලුම් කළ කොවිඩ් එන්නත් තොගද අපනයනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව පියවර ගනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *