රෝගීන් 15 දෙනකු සදහා එකවර ඔක්සිජන් ලබා දිය හැකි යන්ත්‍රයක් බදුල්ලේ කොල්ලො සෙට් එකක් හදයි

(PHOTOS)රෝගීන් 15 දෙනකු සදහා එකවර ඔක්සිජන් ලබා දිය හැකි යන්ත්‍රයක්: බදුල්ලේ කොල්ලො සෙට් එකක වැඩක්

(PHOTOS)රෝගීන් 15 දෙනකු සදහා එකවර ඔක්සිජන් ලබා දිය හැකි යන්ත්‍රයක්: බදුල්ලේ කොල්ලො සෙට් එකක වැඩක්

රෝගීන් 15 දෙනකු සදහා එකවර ඔක්සිජන් ලබා දිය හැකි යන්ත්‍රයක් බදුල්ලේ තරුණයන් පිරීසක් විසින් නිර්මාණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.

‘ගොඩක් දෙනෙක් අහන නිසා මොකක්ද මේ අපි හදපු Oxygen concentrator device එකක් කියන්නේ කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

දැනට රෝහලක් සඳහා අවශ්‍ය oxygen වායුව සපයාගන්නේ ද්‍රව ඔක්සිජන් ලෙස රෝහලට රැගෙනවිත් රෝහල තුළ ඇති ටැංකිවල අධි පීඩනයක් යටතේ රඳවා තබාගෙනයි. මෙහිදී ඔක්සිජන් නිෂ්පාදනය, ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා විශාල වියදමක්, කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ.

අපි හදපු උපකරණයෙන් කරන්නේ වායුගෝල වාතයේ තියන 76-78% වන නයිට්‍රජන් වායුව වෙන්කර 95% කට ආසන්න ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත වායුව ලබාගැනීමයි.

මෙම යන්ත්‍රය මගින් රෝගීන් 15 දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් සැපයීමට පුළුවන්. මෙය වැඩිදියුණු කිරීම මගින් මුළු රෝහල තුල ඇති සම්පුර්ණ ඔක්සිජන් ඉල්ලුම සපුරාලිය හැකිය. මේ සඳහා අපට උදව් කල බදුල්ල මහා රෝහලේ රෝහල් කාර්යමණ්ඩලය සහ සෑම අයුරකින්ම උපකාර කල සියලු දෙනාටම ස්තූතිය පළකරමු.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *