චීනා නොමිලේ දෙන්න හදන ‘ටෙට්‍රා’ ආරක්‍ෂාවට බලපාන “මරාලයක්” වෙයිද ? – චීන ආරක්ෂක ඇමැතිගේ ලංකා ගැන සැකයි

චීන ආරක්ෂක ඇමැතිගේ ලංකා ගමන; පොලිස් දෙපාර්තමේන්තුවට නොමිලේ ලැබේන‘ටෙට්‍රා’ - චීනය එන්න හදන්නේ මොකාටද?

චීන ආරක්ෂක ඇමැතිගේ ලංකා ගමන; පොලිස් දෙපාර්තමේන්තුවට නොමිලේ ලැබේන‘ටෙට්‍රා’ - චීනය එන්න හදන්නේ මොකාටද?

අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ පණිවිඩ හුවමාරු රාජකාරි ප්‍රවර්ධනය කිරීම උදෙසා චීන රජය අපට ආධාරදීමට ඉදිරිපත්වී තිබේ. ආධාරයේ කොටසක් වශයෙන් “ටෙට්ට්‍රා” TETRA ලෙසින් කෙටියෙන් හැඳින්වෙන“ටෙරස්ටි්‍රයල් ට්‍රන්ක්ඩ් රේඩියෝ” Terrestrial Trunked Radio නමැති ක්‍රමය පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඍජුවම පොලිස් ස්ථානවලට ඇමතීම සඳහා මෙසේ ආධාර වශයෙන් සැපයෙන බව පැවසේ.
ඒ සඳහා සිරුරේ පලඳින කැමරාවට ආධාරක වශයෙන් “ටැබ්”ද සැපයීමට නියමිතය. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතියේ මූලික ආරම්භය ලෙසින් බස්නාහිර පළාතේ මූලස්ථානය ස්ථාපනය කෙරේ..

“ටෙට්ට්‍රා” පණිවිඩ හුවමාරු යාන්ත්‍රණය බස්නාහිර පළාතේ පළමුවෙන්ම ස්ථාපනය කිරීමෙන් පොලිස්පතිවරයාට පළමු කොටම නියෝජ්‍ය පොලිස්පති වරුනටත් එමෙන්ම පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුනටත් ඇමතීමේ අවකාශය ලැබේ.
බස්නාහිර පළාතේ යාන්ත්‍රණය එසේ ක්‍රියාත්මක කෙරෙන බවට තොරතුරු දැනගන්නට ලැබුණද රටේ සෙසු පළාත්වලට එම ව්‍යාපෘතිය විදාරණය කෙරෙන්නේ කවර අන්දමකට දැයි යන්න ගැන නම් තවම පැහැදිලි විස්තරයක් නැතැයි පොලිස් මූලස්ථාන ආරංචිවලින් පැවසේ.

චීනයේ සමස්ත අගනුවරම මේ වන විට ක්‍රියාත්මක වන්නේ “ටෙට්ට්‍රා” පණිවිඩ හුවමාරු ක්‍රමයයි. ලෝකයේ බොහෝ නගරවල ක්‍රියාත්මක කෙරෙන පණිවිඩ හුවමාරු යාන්ත්‍රණ අතරින් විශාලම ජාලය ක්‍රියාත්මක කෙරෙන්නේ චීනයේ “බෙයිජිං” නගරයේය. එසේ ක්‍රියාත්මක අධිකාරි සංඛ්‍යාව එක් ලක්‍ෂ දස දහසකි (1,10,000).

“බෙයිජිං”ආණ්ඩුවේ “ෂෙයාර්ඩ් රේඩියෝ නෙට් වර්ක්” හඳුන්වනු ලබන්නේ “බෙයිජිං ජස්ට් ටොප් ටෙට්ට්‍රා නෙට් වර්ක්”ලෙසිනි. එය ආසියාවේ විශාලතම ඩිජිටල් ට්‍රන්කඩ් ජාලය වන්නා සේම ලෝකයේ නගර අතර පවත්නා ලොකුම“ටෙට්ට්‍රා” ජාලයද වේ.

තත්ත්වය මෙසේ වුවත් මෙරට දේශීය සයිබර් ආරක්‍ෂක වෘත්ත්තිකයන්නම් මේ ගැන සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ.

මන්ද මේ තාක්‍ෂණික ක්‍රමය ස්ථාපනය කිරීමට පෙර ඉන් කවර අන්දමක හෝ අනර්ථකාරී ප්‍රතිඵලයක් අත්විඳීමට සිදු වේ දැයි යන්න ගැන පූර්ව නිගමනයකට එළඹීමට තරම් ආයතනික සයිබර් ආරක්‍ෂක ශක්‍යතා අධ්‍යයනය කළ හැකි පිළිගත් නියෝජිත ආයතනයක් හෝ ආම්පන්න හෝ තවමත් අපේ රටේ (ශ්‍රී ලංකාවේ) නැති බැවිනි.

චීනා මේ අටවන්න යන්නේ අපේ රටේ ආරක්‍ෂාවට බලපාන කවර අන්දමක “මරාලයක්” දැයි යන්න ගැන තීරණයකට එළැඹීමට නොහැකිව දේශීය සයිබර් ආරක්‍ෂක වෘත්ත්තිකයන් සිටින්නේ “අන්දුං කුන්දුං වූ දෙකට දෙමඤ්ඤං” තත්ත්වයකට පත්වය. මන්ද මේ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන්නේ මහජන ආරක්‍ෂව පිළිබඳ මර්මස්ථානයක්වන පොලිසිය මූලිකව නිසාවෙනි. පසුගිය දිනෙක මේ මතයම සන්ඩේ ටයිම්ස් පුවත් පතේද ඉස්මතුකර පෙන්නාදී තිබිණි.

 

චීන ආරක්ෂක ඇමැතිගේ ලංකා ගමන ගැන සැකයි

මේ අතර චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා මේ අවස්ථාවේ ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තමන්ටද සැකයක් මතුවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

(28) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයකු ලංකාව වැනි රටකට ඒමත් විශ්වාස කළ නොහැකි කරුණක් බවකි.

වෙනත් ප්‍රබල රටවල්වලට පවා පැය දෙක තුනකට වඩා වෙන් නොකරන චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවේ දින 2ක් ගත කිරීම සදහා විශේෂිතම වූ හේතුවක් තිබිය යුතු බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *