(video)චීන ආරක්ෂක ඇමැති ජනපති, අගමැති හමුවෙයි

චීන ආරක්ෂක ඇමැති ජනපති, අගමැති හමුවෙයි

චීන ආරක්ෂක ඇමැති ජනපති, අගමැති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී (28) පෙරවරුවේ සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.

ජනාධිපතිතුමා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා ‍මෙහිදී පැවසීය. එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා, මෙම හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් ද තැබීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන්, චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින්, මේජර් ජනරාල්සි ග්ව්ඕවෙයි සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

චීන ආරක්ෂක ඇමති අගමැති හමුවෙයි

ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීම මෙරට ප්‍රමුඛතාව වී ඇති බවත් එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා චීනයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, දෙදින නිල සංචාරයක් සඳහන් මෙරටට පැමිණි චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග් මහතා සමග පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ය.

“මේ වනවිට අපගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමයි. එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා ඔබේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.”

එමෙන්ම, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙ චීනයේ සිනෝෆාම් එන්නත් 600,000ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

“මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලිවී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගියදා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600,000ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සලකමි. මෙම වසංගත තත්ත්වය සමග කටයුතු කිරීමේදී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *