අවුරුදු සමයේ සීමා ලිහිල් කිරීම කොරෝනා වැඩිවීමට හේතුව බව රජය පිළිගනී

කොරෝනා ව්‍යාප්තිය පාලනයට අලුත් අවුරුද්දට පෙර නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අලුත් අවුරුදු සමයට පෙර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගත්තේ නම්, දැනට උද්ගතව තිබෙන ව්‍යසනකාරී තත්ත්වය ඇති නොවන බවට රජයට චෝදනා එල්ල වන බැවින් ඒ සම්බන්ධව අමාත්‍යවරයාගේ අදහස විමසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමිනි.

“පළවෙනි දේ තමයි දැනගෙන ක්‍රියා නොකිරීම ගැන මම කණගාටු වෙනවා. දැනගෙන ක්‍රියාත්මක නොකිරීමක් තිබුණේ නැහැ. නමුත් සමාන්‍ය සම්ප්‍රදායක් හැටියට අපි සිංහල අවුරුදු ගිය සැරෙත් නැති නිසා යම් විදිහේ සීමාවන්වලින් එළියට යන්න ඉඩ හැරියා.
මං හිතන්නේ ඒක අපි පිළිගන්න වෙනවා. එය නොකළ හිටියානම් වඩා හොඳ දෙයක්,” යැයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
අවුරුදු සමයේදී ජනතාව බුද්ධිමත් ලෙස තම සීමාවන් තෝරාගෙන කටයුතු කළාවි යැයි යන අදහස තිබූ බවත් අවුරුදු සැමරීම් යම් නීත්‍යානුකූල සීමාවන් සහිතව නීති රීති යොදා සිදු කළේ නම්, පවතින තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් ඇති විය හැකිව තිබූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *