විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

"ඒ ඔක්කොම ගැන CID එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා" - විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

"ඒ ඔක්කොම ගැන CID එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා" - විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සමිබන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෛ්න්තුව විසින් රහස් ලිපිගොනුවක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වේ. මෙහිදී මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබද අධ්‍යයනයක් සිදු කොට ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක හිටපු ඇමැතිවරයකු ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවකදී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා විසින් තමන්ට දුරකතනයෙන් අමතා බැනවැදුණු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට පීයවර ගෙන තිබිණ.

“බලන්න මම විජේදාසට කුණුහරුපෙන් කතා කළා කියල එයා කියනවා. හැබැයි මම බැන්නෙ නෑ. මොකද මම දැනන් හිටිය එයා මේ කතාව රෙකෝඩ් කරනවා කියලා. ඒ හින්ද මම එයාට කතා කරල කිව්වෙ ඔබතුමා උගතෙක් කියනවා, ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ වගේ කතා කරන්නෙ කියලා. ඔබතුමා ඔය කියන කිසි දෙයක් පෝට් සිටිය ඇතුළෙ වෙන්න නෑ කියල මම එතුමට කිව්වා. හැබැයි එතුම මට ලොකු කතා, පණ්ඩිත කතා කියාගෙන ආවා. ඒ වෙලාවෙ මම අනේ ඔබතුමාගෙ උගත්කම ගැන මට කියන්න එන්න එපා. මොකද ඒ ඔක්කොම ගැන සී.අයි.ඩී. එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා කියලා කිව්වා. මම ඒක කිව්ව විතරයි එයා කලබල වෙලා කෑගහන්න ගත්තා. ඕක තමයි එතැන වුණේ…” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා එම හිටපු ඇමැතිවරයාට කියා ඇත.

– Mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *