(video) හරීන් රෝහල් ගතවෙයි, හරීන්ව CIDට කැඳවයි

(video) රෝහල් ගතව සිටින හරීන් CIDට කැඳවයි; සුවදුක් බලන්න සජිත් රෝහලට

(video) රෝහල් ගතව සිටින හරීන් CIDට කැඳවයි; සුවදුක් බලන්න සජිත් රෝහලට

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

හරීන් ප්‍රනාන්දු මහතා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් කණ්ඩායමක් එම රෝහල වෙත පැමිණ මෙම දැනුම් දීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙරද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට හරීන් ප්‍රනාන්දු මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට ඇත.

අසනීප තත්වයක් නිසා රෝහල් ගතව සිටින පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් සොයා බැලීම සදහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමාදාස (23) නවලෝක රෝහලට ගියේය. එයට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද එම අවස්ථාවට එක් වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *