වරාය නගර කොමිසමේ බහුතරය ශ්‍රී ලාංකිකයෝ කරන්න තීරණය, පනත් කෙටුම්පත සංශෝධනයට ජනමත විචාරණයක් ?

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබිය යුතුව තිබියදී; වරාය නගරය සම්බන්ධයෙන් වෙළඳ දැන්වීම්

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබිය යුතුව තිබියදී; වරාය නගරය සම්බන්ධයෙන් වෙළඳ දැන්වීම්

යෝජිත වරාය නගර කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේදී එහි බහුතරය ශ්‍රී ලාංකිකයන් පත් කළ හැකි පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කරන බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබේ. එම කොමිසම සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත වන්නේ නම් ඉන් තිදෙනකු ශ්‍රී ලාංකිකයන් වනු ඇති බවද සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත වන්නේ නම් සිව් දෙනකු ශ්‍රී ලාංකිකයන් වනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අතරමැදි පෙත්සම් කරුවන් වන මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පෙනී සිටිමිණි.

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයේ අවසන් දිනය වන (22) අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කළ අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයේදී අනාවරණය විය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

මේ පනත් කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් ඉල්ලා තිබිණි.

මෙය නීතියක් බවට පත් වීමට සරල බහුතර ඡන්දයෙන් සම්මත වීම ප්‍රමාණවත් බවට අතරමැදි පෙත්සම් මඟින් ප්‍රකාශ කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, සභාපති, සමඟි ජන බලවේගයේ මහ ලේකම් ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *