පාස්කු ප්‍රහාරය කර තියන් ගිය අයට අද ඒ ගැන මතක් කිරීමත් රිදවිල්ලක් – අනුර දිසානායක

මීට කලින් පාස්කු ප්‍රහාරය කර තියන් ගිය අයට අද ඒ ගැන මතක් කිරීමත් රිදවිල්ලක් – අනුර දිසානායක

මීට කලින් පාස්කු ප්‍රහාරය කර තියන් ගිය අයට අද ඒ ගැන මතක් කිරීමත් රිදවිල්ලක් – අනුර දිසානායක

“මැතිවරණ දක්වා පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ආ කණ්ඩායම දැන් ඒ ගැන කතා කිරීම ආණ්ඩුවට රිදවීමක් බවට පත්කරගෙන තිබෙනවා. කොච්චරද කියනවා නම් මේ ප්‍රහාරය පිළිබඳව අප විසින් අලවන ලද පෝස්ටර් ඉවත්කරන්න පොලිසිය යෙදෙව්වා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක,

“ජනාධිපතිවරයා බලයට පත්වෙලා මාස 17කට ආසන්න කාලයක්. 2/3 ආණ්ඩුවට මාස 08ක් ඉක්මවමින් තිබෙනවා. ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් ජනතාවට පොරොන්දුවූ සහ ජනතාව බලාපොරොත්තු වූ දේත් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමත් තාමත් ප්‍රශ්නයක්. විවිධ පැතිවලට බෝලය පාස්කරමින් ඉන්නවා. ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිෂන් සභාව පෙන්නලා අවුරුදු 1 1/2ක පමණ කාලයක් බෝලය පාස්කරමින් තිබුණා. කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කළාට පසුව එම වාර්තා නීතිපතිවරයාට යොමුකර තිබෙන නිසා, නීතිපතිවරයා අතේ සියල්ල තිබෙන බව කියනවා. ආණ්ඩුවක් හැටියට නීතිපතිවරයාගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ කියනවා. අධිකරණ ක්‍රියාවලිය ස්වාධීන ක්‍රියාවලියක් බව කියනවා. වංචනිකයන් සහ අපරාධකරුවන් නිදහස් කර ගැනීමේදී අධිකරණයේ ස්වාධීනත්වය ගැන කල්පනා කරනවා වෙනුවට විවිධ කොමිෂන් සභා හදලා අපරාධකරුවන් වංචනිකයන් නිදහස් කර ගන්නා අතර, මේ ප්‍රශ්නය නීතිපතිවරයාට බැරකරනවා.

මේ සිද්ධියට අදාළ මහ මොළකරුවා නවුෆර් මව්ලවි බවත්, ඔහු අත්අඩංගුවේ ඉන්න බවත් පොලිසිය බාර සරත් වීරසේකර ඇමතිවරයා කියා තිබුණා. ඇත්ත වශයෙන්ම ඔවුන් කළේ අවුරුදු කුමාරයා තෝරනවා වගේ අත්අඩංගුවට ගෙන සිටින පිරිසෙන් කෙනෙක් තෝරාගෙන ඉදිරිපත් කිරීමයි. ජනතාවට අවශ්‍ය මෙවැනි ප්‍රහාරයන් නැවත ඇති කිරීම වැළැක්වීම නම්, ඒ සිද්ධිදාමයම හෙළිදරව් කරගත යුතුයි. ආණ්ඩුව ඒ පිළිබඳව දක්වා තිබෙන්නේ ඉතාමත් අවම අවධානයක්. ආණ්ඩුව මේ ප්‍රහාරය ගැන කතා කිරීමත් මඟහරිමින් ඉන්නේ. මැතිවරණ දක්වා පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ආ කණ්ඩායම දැන් ඒ ගැන කතා කිරීම ආණ්ඩුවට රිදවීමක් බවට පත්කරගෙන තිබෙනවා. කොච්චරද කියනවා නම් මේ ප්‍රහාරය පිළිබඳව අප විසින් අලවන ලද පෝස්ටර් ඊයේ රාත්‍රියේ ඉවත්කරන්න පොලිසිය යෙදෙව්වා. “පාස්කු ප්‍රහාරයට වසර 02යි. මහ මොළකරුවන් නිදැල්ලේ. යුක්තිය ඉටුකරනු” කියන සාධාරණ බලකිරීම පෝස්ටරයේ තිබුණේ. ඒ පෝස්ටර් ව්‍යාපාරය සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඉරාදමා තිබෙනවා. මීට අවුරුදු 1 1/2කට පෙර පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගිය අයට අද ඒ ගැන කතා කිරීමත් රිදවිල්ලක් බවට පත්කරගෙන.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *