ලෝක මුස්ලිම් ලීගය මෛත්‍රීට දුන් කෝටි 100ක් අතුරුදන්, ඕමල්පේ හිමිගෙන් CIDයට පැමිණිල්ලක්

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ පිරිස් වෙනුවෙන් සහන සැලසීම සඳහා ලෝක මුස්ලිම් ලීගයේ ප්‍රධානි අබ්දුල් බින් මොහොමඩ් විසින් නෙළුම් පොකුණ රඟහලේදී පැවති උත්සවයකදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුන් අමෙරිකානු ඩොලර් මිලියන 5ක (රුපියල් බිලියනයක) මුදල අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ඕමල්පේ සෝභිත හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (21) පැමිණිල්ලක් කළහ.

එම බිලියනයක මුදලට මේ වන විට වූ දෙයක් දැන ගන්නට නොලැබුණු බැවින් එම මුදල වියදම් වූයේ කුමක් සඳහාද, වියදම් වී නැත්නම් ඒ මුදල මේ වන විට තැන්පත් කර ඇත්තේ කොහේද යන්න සොයා බලන ලෙස සෝභිත හිමි සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් මාස තුනකට පසු එනම් 2019 වසරේ ජුලි මාසයේ 30 වැනිදා සවස තුනට නෙළුම් පොකුණ රඟහලේ දී මුස්ලීම් ලීගයේ සමුළුව පැවති අතර ඒ සඳහා රටවල් 22ක නියෝජිතවරුන් සහභාගි වී ඇත. එම අවස්ථාවට සහභාගි වූ දේශීය විදේශීය නියෝජිතවරුන්, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සියලු දෙනා මධ්‍යයේ අබ්දුල් බින් මොහොමඩ් විසින් එම මුදල් ප්‍රදානය එවකට ජනාධිපතිවරයාට දුන් බව සෝභිත හිමියෝ පවසා ඇත.

මේ උත්සව සභාවේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය වෙනුවෙන් දේශනයක්ද තමන් පැවැත්වූ බව කී උන්වහන්සේ එවැනි සමුළුවක් මධ්‍යයේ ලැබුණු මේ මුදල අස්ථානගත වීම පිළිබඳ වහා සොයා බැලිය යුතු බවද කීහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *