විනාඩි තුනෙන් කොරෝනා සොයන්න ලාංකික වෛද්‍යවරියකගෙන් බැලූනයක්

විනාඩි තුනෙන් කොරෝනා සොයන්න ලාංකික වෛද්‍යවරියකගෙන් බැලූනයක්

විනාඩි තුනෙන් කොරෝනා සොයන්න ලාංකික වෛද්‍යවරියකගෙන් බැලූනයක්

හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් ඇමෙරිකානු සමාගමක් විසින් සොයාගෙන ඇත.

මෙම සොයාගැනීම සිදුකළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්‍ෂ මහත්මිය වීම විශේෂත්වයකි.

මෙය කොවිඩ් රෝගීන් හඳුනාගැනීම වෙනුවෙන් සිදුකර ඇති විශිෂ්ට සොයාගැනීමක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය මෙම වසර තුළ භාවිතයට ගැනීමට හැකිවනු ඇතැයි දිනූෂා රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.

මෙහිදී පුද්ගලයකුට බැලූනයක් පුම්බන්නට ලබා දී එහි එක්වන ප්‍රශ්වාස වාතය භාවිතයෙන් කොවිඩ් රෝගියෙකුද නැද්ද යන්න හඳුනාගත හැකි බව ඇය සඳහන් කළාය.

මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.

“අපට පී.සී.ආර් පරීක්‍ෂණයක ප්‍රතිඵල ලබාගැනීමට දින දෙකක්වත් බලඉන්න සිදුවෙනවා. නමුත් මෙම ක්‍රමවේදයේදී විනාඩි තුනකින් ප්‍රතිඵලය ලබාගත හැකියි. අපේ බලාපොරොත්තුව මෙම ක්‍රමවේදය මෙම වසර තුළ හඳුන්වාදීමයි. මෙම පරීක්‍ෂණය ඉතා සාර්ථකවීම ගැන සතුටු වෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *