නව කොරෝනා ප්‍රභේදයක්, ශීඝ්‍ර වැඩිවීමක්, ICU පිරිලා – බරපතළ බව ඇමැති පිළිගනී

නව කොරෝනා ප්‍රභේදයක්; ශීඝ්‍ර වැඩිවීමක්; ICU පිරිලා; කොරෝනා බරපතළ බව ඇමැති පිළිගනී

නව කොරෝනා ප්‍රභේදයක්; ශීඝ්‍ර වැඩිවීමක්; ICU පිරිලා; කොරෝනා බරපතළ බව ඇමැති පිළිගනී

දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් ද දක්නට ලැබෙන බවත්, වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ වන විට කොවිඩ් -19 රෝගය සමග දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු කිරීම ද බොහෝ සෙයින් වැඩි වී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ මීට පෙර මෙරට නොතිබුණු ප්‍රභේදයක් රට තුළට පැමිණ ඇත්දැයි සැකයක් පවතින බවත්, තරුණ වයස් පසු වන්නන්ට ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට පත්වීම වැඩි වී ඇති බවත් ඒ පිළිබඳව සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල සති අන්තයේ ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, පළමු මාත්‍රාව ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදයන් හා කාර්යක්ෂම බව ඒ ආකාරයටම රැක ගනිමින් දෙවන මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බවය.

“කාල පරතරය කුමක් ද කියන එක ගැන විවිධ අදහස් පළ වෙලා තිබුණා. ආරම්භයේ දී සති 4ක් කියලා කිව්වා. පසුව කිව්වා සති 10 -12ත් අතර කාලයක් කියලා. මේ වෙනකොට තවත් දත්ත ලැබිලා තියෙනවා සති 16ක් දක්වා යන්න පුළුවන් කියලා. දෙවැනි කාරණය තමයි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු රුධිරය කැටි ගැසීම් පිළිබඳව සැක සංකා ලෝකයේ විවිධ රටවලින් මතුවුණා. අපත් මේ පිළිබඳ කරුණු කාරණා සොයාබැලුවා. ශ්‍රී ලංකාවේත් රුධිරය කැටි ගැසීම් පිළිබඳ රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වුණා. ඒ නිසා මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කළා. මේ සියල්ල සලකා බලා අපිට සුදුසු දිනයක් නිර්දේශ කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ සවස අමාත්‍යාංශයේ බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කළා මැයි මාසයේ පළමු සතියේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්න කියලා.“

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *