ජනතාවගේ හැසිරීම නිසා කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙලා ලු: පාලනයට ගත් තීන්දු මෙන්න…

පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ හේතුවෙන් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ්-19 මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වී තිබේ.
ඒ අනුව එම සාකච්ඡාවේදී පහත තීරණ ගෙන ඇත.
1. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව වැඩි කිරීම.
2. කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
3. දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීම.
4. කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් සකස් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තවතවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
5. කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
6. PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
7. නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම.
8. විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *