මාර්ග අන­තුරු අවම කරන්න සරත් වීරසේකරගෙන් කමි­ටු­වක්

මාර්ග අනතුරු අවම කිරීම වෙනුවෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසා ඇත. රටේ සිදුවන රිය අනතුරු බහුල වීමත් මිය යන පිරිස වැඩිවීමත් නිසා එම අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවද ඇමැතිවරයා කීය.

එමෙන්ම මේ වන විටත් ලබා දී ඇති නිර්දේශ අනුව රියැදුරන් සම්බන්ධ සියලු තොරතුරු පරිගණක ගත කිරීමටත් ඒ යටතේ රියැදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමයක් ස්ථාපිත වන බවද ඇමැතිවරයා කීවේය.

එමෙන්ම දඩ මුදල් කඩිනමින් ගෙවීමටත් සිදුවන වැරැදි සංඛ්‍යාත්මකව ස්වයංක්‍රීයව ගණනය වීමද මෙහිදී සිදු කිරීමට නියමිතය. එමෙන්ම කමිටුවේ යෝජනා පරිදි ඉදිරියේදී සීසීටීවී කැමරා පද්ධති අනුව කටයුතු කිරීමටද කටයුතු කෙරෙනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *