කිරි­පිටි ගේන්න එතෙර යැවූ කෝටි 5,900ක් දේශීය ගොවීන්ට

කිරිපිටි හා කිරි නිපැයුම් මෙරටට ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 5900ක් පිටරටට යන බවත් ‘කිරෙන් සපිරි රටක්’ යන නව වැඩපිළිවෙළ යටතේ ඒ මුදල දේශීය කිරි ගොවීන්ට ද කිරි ගොවිපළවලට ලබාදීමට කටයුතු අරඹා ඇතැයි ගොවිපොළ සංවර්ධන හා කිරි බිත්තර සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පවසයි.

මේ යටතේ කිරි එළදෙනුන්ට පෝෂ්‍යදායි ගව ආහාර ලබාදීමටත් දියර කිරි වැඩිපුර ලබා ගැනීමට හැකි නව මාදිලියේ එළදෙනුන් කිරි ගොවීන්ට ලබාදීමටත් නැවුම් කිරි ජනප්‍රිය කරවීමටත් කටයුතු කර ලක්ෂ 3ක් වූ අපේ රටේ කිරි ගොවියන්ට හා කිරි ගොවිපළ හිමියන්ට ඉහත පිටරට ගිය මුදල ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කියයි.

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානි බැසිල් රාජපක්ෂ හා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගේ අනුග්‍රහය මත මහ වතු 15ක මහා පරිමාණයේ කිරි ගොවිපළ පිහිටුවීමට ද මේ යටතේ කටයුතු යොදා ඇත.

ඒවා රටපුරා පිහිටුවීමට දැන් අරඹා ඇති බවත් ඒවායේ කිරි එළදෙනුන් 15,000 ක් පමණ සහිත ගොවිපොළ පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කියයි. පශු වෛද්‍යවරුන්ගේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ නිලධාරීන්ගේ හා විද්‍යාඥයන්ගේ උපදෙස් පරිදි එළදෙනුන්ට මනා පෝෂණ ආහාර හා රෝගවලට සුදුසු ඖෂධ ලබාදීම මෙන්ම වැඩි කිරිදෙන පැටවුන් ලබාගැනීමට සුදුසු සිංචන ක්‍රම ඇති කිරීමට ද මේ යටතේ කටයුතු කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *