(VIDEO) ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය ගැන සැකයි; ලොක්කන්ගේ වත්කම් හොයන්න – GMOA

ප්‍රමිතියක් අනිවාර්යය කිරීමට ආයතනයට බලයක් නෑ - ගෑස් ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

ප්‍රමිතියක් අනිවාර්යය කිරීමට ආයතනයට බලයක් නෑ - ගෑස් ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

මෙරට ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය සම්බන්ධයෙන් සහතිකය ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ​සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි. එසේම ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ සුදුසුකම් පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

ඔහු මේ පවසන්නේ අන්තරජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් ඔහු අදහස් දක්වමින් ” දැන් ශ්‍රී ලංකාවේ මිනිස්සු වැඩිපුරම කන්නේ වස. පිළිකාකාරක වලින් අපේ කෑම ටික පිරිලා. අපේ රටේ SLS සහතිකය දැන් බල්ලට ගිහිල්ල කියලා මිනිස්සු කියන්නේ. අපි ජනාධිපතිතුමාට මේ පිළිබඳව දැනුම් දීලා තිබෙන්නේ. මේ වසරේ ජනවාරි – පෙබරවාරි මාස වලදිපොල්තෙල් පමණක් රුපියල් බිලියන 11ක ආයනයන කරලා. නැව් පිටින් තෙල් ගේන්නේ. වැඩිපුර සල්ලි ගැවසෙන බිස්නස් මේවා. මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය කියනවා ටිකක් වහ කෑවට කමක් නෑ කියලා. ප්‍රමිති ආයතනය තියෙන්නේ ව්‍යාපාරිකයෝ රකින්නද” යනුවෙන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *