ෂවේන්ද්‍ර සිල්වාට එරෙහිව යස්මින් සූකාගන් බ්‍රිතාන්‍යයට පිටු 50ක රහස් වාර්තාවක්!

ෂවේන්ද්‍රට එරෙහිව සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රිතාන්‍යයට පිටු 50ක රහස් වාර්තාවක්!

ෂවේන්ද්‍රට එරෙහිව සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රිතාන්‍යයට පිටු 50ක රහස් වාර්තාවක්!

යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනවලට අදාළ පිටු පනහකින් සමන්විත අතිශය රහසිගත වාර්තාවක් එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දෙමින් ශ්‍රී ලංකා හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එක්සත් රාජධානියේ සම්බාධක පනවන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

යස්මින් සූකාගේ නායකත්වයෙන් යුත් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් මෙම රහස්‍ය වාර්තාව බ්‍රිතාන්‍යය රජයට ලබා දී ඇති බව වාර්තා වේ.

දැනටමත් අමෙරිකානු රජය මගින් හමුදාපතිවරයාට එම රට තුළට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පනවා ඇති බවද එම වාර්තාව මගින් දැනුම් දී ඇත.

2020 ජූලි 6 වැනිදා ස්ථාපිත කරන ලද එක්සත් රාජධානියේ ගෝලීය මානව හිමිකම් සම්බාධක තන්ත්‍රය යටතේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන ලෙස ITJP ඉල්ලා සිටී.

“එම වාර්තාව සඳහාත්, ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ අණ යටතේ ක්‍රියාකරන්නන් සමග අදාළ සිදුවීම් සම්බන්ධ කිරීම සඳහාත් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජීවත්වන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් විශාල පිරිසක් විසින් සපයන ලද එම සාක්ෂි අතිශයින් වැදගත් වූවා” යැයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නිවේදනයක් නිකුත් කරන සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *