NGO වලට විදෙස් සබදතා තහනම්

NGOවලට විදෙස් සබදතා තහනම්

NGOවලට විදෙස් සබදතා තහනම්

රාජ්‍ය නොවන සංවිධානවලට විදෙස් රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීම සහ විදෙස් රටවලින් අරමුදල් ලබා ගැනීම රජය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

රට තුළ ආගමික මූලධර්මවාදී කටයුතු සහ බෙදුම්වාදී ක්‍රියා පවත්වා ගෙන යෑම සඳහා නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන මඟින් මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වීමත් සමඟ රජය මෙම තීරණය ගෙන ඇත. පාස්කු ප්‍රහාරයට පෙර කටාර්, කුවේට්, සවුදි අරාබිය යන රටවල ආගමික සංවිධාන විසින් රුපියල් ‍කෝටි ගණනින් මුදල් මෙම අන්තවාදීන්ට පිරිනමා ඇති බව ද හෙළි වී තිබේ.

මෙලෙස මුදල් ලැබී ඇති ආකාරය පිළිබඳව කිසිදු තොරතුරක් රජයට දන්වා නොතිබිණි.

ඉස්ලාමීය සංවිධාන 32කට සහ උතුරේ බෙදුම්වාදී සංවිධාන 11කට පමණ විදෙස් මුදල් ලැබෙන බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *