රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදයට වෙන් කරන්න සූදානම්

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ එය ක්‍රියාත්මකයි.

ඒ අනුව සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හදුනාගැනීමත්, ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන පඨ හඳුනා ගැනීමත් සිදුකෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එලෙස හදුනා ගනු ලබන ස්ථාන වලට පියාසර කිරීමේ ඇති බාධාවන් ලිහිල් කිරීමටද අපෙක්ෂිතයි. මීට අමතරව රත්මලාන ජාත්‍යාන්තර ගුවන්තොටුපල නව ක් ෂේත්‍රයන් රැසක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඒ අනුව විනොදාස්වාද ජනක ගුවන් ගමන් විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාල ගුවන් ගමන් සදහා රත්මලාන ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමට ද නියමිතයි.

මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ඒ අනුව කටයුතු කෙරේ. මෙන්ම පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුල ඉඩ කඩ සලසා දී තිබේ. ඉදිරියේදි එයද ලෝකය තුල ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කරයි.

කොරෝනා රෝග ව්‍යාප්තියත් සමග සම්පූර්ණයෙන්ම ගුවන් ගමන් නවතා දැමුණු රත්මලාන ගුවන්තොටුපොළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නැවත ජනතාවට විවෘත කෙරුනේ ඉකුත් ජනවාරි මස 01 වැනිදායි. කොරෝනා තත්ත්වය මත වුවද ඉකුත් මාර්තු මස 31න් අවසන් වූ වර්ෂය තුළ රත්මලාන ගුවන් තොටුපොළෙන් මගීන් 2539ක් ගුවන් පහසුකම් ලබාගෙන ඇත. එම කාලය තුළ රත්මලාන ගුවන් තොටුපොලෙන් ගුවන් යානා 16511ක් ධාවනය වී ඇති අතර ඉන් 432ක් දේශීය ගුවන් ගමන්ගමන්ය. ගමන් වාර 10332ක් ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහාත්, ගමන්වාර 6006ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනුත් සිදුකර තිබේ.

කොරෝනා එන්නත් කරනයත් සමග රත්මලාන ගුවන්තොටුපල තුල නතර කෙරුණු අභ්‍යන්තර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා රත්මලාන ගුවන්තොටුපල තුල ගුවන් මෙහෙයුම් සිදු කිරීමට අපෙක්ෂා කරන සමාගම් සදහා විශේෂ සහන ලබාදීමට ද කරයුතු කර ඇති බව කියයි. ඒ අනුව දිරිදීමනාවක් ලෙස ගුවන් යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම තාවකාලිකව වසරක කාලයක් සදහා අත්හිටුව තිබේ. ඊට අමතරව ගුවන් මගීන්ගෙන අය කරනු ලබන ගුවන්තොටුපල සේවා බද්ධද වසරක කාලයක් සදහා අත් හිටුවනු ලැබ ඇත. කොවිඩ් එන්නත්කරනය හා වසංගතය පාලනය කිරීමත් සමග රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනම් කිරීමටද කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *