ගමට සෙක්කුවක් – විස පොල්තෙල් ආනයනය කිරීමට GMOA සභාපති පාදෙනියගෙන් විසඳුමක්

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබාදීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීම ආයු අපේක්‍ෂාව අඩු කරයි - වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබාදීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීම ආයු අපේක්‍ෂාව අඩු කරයි - වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

විස පොල්තෙල් ආනයනය කිරීමට විසඳුමක් ලෙස සෑම ගමකටම සෙක්කුව බැගින් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය අවධාරණය කරයි.

පොල්තෙල් ඇතුළු ආහාරවලට විස එකතුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ඇතුළු පිරිසක් විසින් (10) සංවිධානය කර තිබූ විද්වත් කතිකාවකදීය.

“පොල් හිඳගන්න එක්ක අපේ 70ක 80ක කෙනෙකුගෙන් ඇහුවොත් මේක ලොකු දෙයක් නෙවෙයි. අවුරුද්දට පොල්තෙල් හිඳගත්තා. ඒ ගැන විතරයි දැන් මේ යන විදිහට විශ්වාසය තියන්න පුළුවන්. මම හිතන්නේ හැම ගමකම නැවත සෙක්කුවක් හදලා පොදුවේ, ඉස්සර මේවා පාවිච්චි කරල තියෙන්නේ පොදුවේ. එක ගෙදරක නෙවෙයි. එතකොට මේ වාගේ එකක් හැම ගමකම නිර්මාණය කරන්න ඇයි අපේ පොල් අමාත්‍යාංශයට පටන්ගන්න බැරි. සෙක්කු ඉදිරිපත් කරන්න. මේව සරල දෙයක්නේ. හැම ගමකම මිනිස්සු එතකොට තමන්ගේ ස්ව ශක්තියෙන් නැගිටියි” යැයිද වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මෙහිදී වැඩිදුරටත් මෙලෙස සෙක්කුව භාවිතා කරමින් පොල්තෙල් සීඳීම සම්බන්ධයෙන් යෝජනා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *