රහස් ඔත්තු සේවයේ ප්‍රධානී සහරාන්ව මැලේසියාවේදී මුණ ගැසුණාද? – CIDය නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්න කරයි

(VIDEO)එන්නත ග්‍රාම නිලධාරීන්ට-සමෘද්ධි-කෘෂි- නිලධාරීන්ට නෑ: ආණ්ඩුව දීලා තියෙන්නේ හිතවතුන්ට - නලින් බණ්ඩාර

(VIDEO)එන්නත ග්‍රාම නිලධාරීන්ට-සමෘද්ධි-කෘෂි- නිලධාරීන්ට නෑ: ආණ්ඩුව දීලා තියෙන්නේ හිතවතුන්ට - නලින් බණ්ඩාර

දේශීය රහස් ඔත්තු සේවයේ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ, මැලේසියානු තානාපති කාර්යාලයේ සේවය කිරීමේ දී ‍ත්‍රස්තවාදී සහරාන් හෂීම් මුණගැසුණු බවත් ඔහුට ඉන්දියාවට හා ඉන්දුනීසියාවට යෑමට අවශ්‍ය සියලූ උදව්පදව් කළ බවත් පාර්ලිමේන්තු නියෝජිත නලින් බණ්ඩාර විසින් මාධ්‍යවේදීන් ඇසූ අවස්ථාවේ දී පැවසූ ප්‍රකාශයට අනුව සී.අයි.ඩී පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

දේශීය රහස් ඔත්තු සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සාලේ විසින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර,ඒ සම්බන්ධයෙන් සී.අයි.ඩීයේ ද සහය ඇතුව පොලිස් අධ්‍යක්ෂවරයකු යටතේ විශේෂ ඒකකයක් තුලින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මේ අනුව එම විශේෂ ඒකකය මගින් පැය 3ක පමණ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රශ්න කිරීමකට ලක් කොට ඔහුගේ කටඋත්තර ලිඛිතවද සටහන් කර ඇත.

මේ අනුව පෙරවරු 9 සිට මධ්‍යහන 12.15 තෙක් මෙම ප්‍රශ්න කිරීම කර ඇති බවත් එහි ලිඛිත සටහන් ද ලබාගෙන ඇති බවත් උසස් පොලිස් අධිකාරීවරයකු ප්‍රකාශ කළේය.

මේ අනුව පළමු පියවර ලෙස පැමිණිලිකරු වන මේජර් ජෙනරල් සුරේෂ් සාලේ ඔහුගේ පැමිණිල්ලට අනුව කටඋත්තර ලබාදී ඇති අතර ඉන්පසුව පාර්ලිමේන්තු නියෝජිත නලින් බණ්ඩාර ප්‍රශ්න කිරීමකට ලක් කොට ඇත.

-වීරකෙසර

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *