මහපොළ අරමුදලේ භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා කෝටි 164 ක පාඩුවක්

මහපොළට කෝටි 164 ක පාඩුවක් - භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ හැතුවේ

මහපොළට කෝටි 164 ක පාඩුවක් - භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ හැතුවේ

මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.

එම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන් එවකට කළමනාකාරීත්ව වගකිව යුතු බව විගණකාධිපතිවරයා සඳහන් කර ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා මේ වාර්තාව ඉදිරිපත් කිරීමේන් පසුව පාර්ලිමේන්තුවේදී (6) පැවසීය.

මහපොළ පනතේ තුන්වැනි වගන්තියට ප්‍රකාරව මහපොළ අරමුදල පිලිබඳව පරිපාලනය කළමනාකාරය හා පාලනය එහි භාරකාර මණ්ඩලයට පැවරී තිබුණද එම මණ්ඩලය 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලයේදී අරමුදලට වාසිදායික ලෙස හා පළපුරුදු ලෙස තීරණ නොගැනීමත් පැවරී තිබූ අධීකාරී බලය ඉක්මවා කටයුතු කිරීමත් හේතුවෙන් එයට බරපතල මූල්‍ය හා මූල්‍ය නොවන පාඩු සිදු වී ඇතැයිද එම වාර්තාව නිගමනය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ළාභයෙන් 50% ක ලාභ කොටසක් මහපොළභාර අරමුදලට ප්‍රේෂණය කළ යුතු වුවද රුපියල් පනස් එක් කෝටි හැටහතර ලක්ෂ තිස්හයදාස් දෙසිය පනස් හතක් අඩුවෙන් ප්‍රේෂණය කර ඇති බවත් අරමුදලට හිමි එම මූල්‍ය කොටස් ලබා නොගැනීමට එවකට කළමනාකාරීත්වය වගකිව යුතු බවත් වාර්තාවේ සදහන්ව ඇත.

මේ අතර මාර්ගගත ලොතරැයි ක්‍රියාත්මක කිරීම සඳහා විදිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ලොතරැයිකරුවෙකු තෝරා ගැනීම නිසා අරමුදලට රුපියල් හැටහත්කෝටි තිස්නව ලක්ෂ දහතුන්දාස් හතලිස් තුනක මුදලක් අහිමිවී ඇතැයිද එම වාර්ථාවේ සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *