‘සිංහලේ’ ප්‍රමිති ආයතනයට කඩා පනීද්දී, නුෂාඩ් බේරාගන්න සිද්ධිකා බිල්ලට

‘සිංහලේ’ ප්‍රමිති ආයතනයට කඩා පනීද්දී, නුෂාඩ් බේරාගන්න සිද්ධිකා බිල්ලට

‘සිංහලේ’ ප්‍රමිති ආයතනයට කඩා පනීද්දී, නුෂාඩ් බේරාගන්න සිද්ධිකා බිල්ලට

‘සිංහලේ’ ප්‍රමිති ආයතනයට කඩා පනී

ප්‍රමිතියෙන් තොර සහ නිසි ප්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබදව හා ඒවා නිෂ්පාදනය කරන ආයතන මෙන්ම ආනයනය කරන ආයතන පිළිබදව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා ඇත.

ඒ සම්බන්දයෙන් වාර්තාවක් ලබාගැනීම සදහා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණ තිබේ.

මෙහිදී එම ආයතනයේ සභාපතිවරයා වන නුෂාඩ් පෙරේරා මහතා මුණගැසීමට උත්සහ කළද ඔහු ඊට අකමැත්ත පළකර අදාල පිරිසව පැයක පමණ කාලයක් රස්තියාදු කළ බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පැවසූහ.

පසුව ඔහුව මුණගැසී අදාල ගැටළුව සම්බන්දයෙන් සාකච්ඡා කළ පසුව අද දිනයේ ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග හා ඒවා මෙරටට ගෙන එන ආයතන පිළිබද වාර්තාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුවක් සිංහලේ සංවිධානය වෙත ලබාදී ඇති බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකාට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න මහත්මියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ පසුගියදා ඇය විසින් සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී ඇය විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

මෙරට ජනතාව පිළිකාකාරක ආහාර වර්ග පරිභෝජනයට තිබෙන බවත් එම ආහාර වර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් බවට එම ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය විසින් සිදුකළ ප්‍රකාශයෙන් හැගවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එවැනි ආහාර වර්ග ජනතාවට පරිභෝජනය කිරීමට ඉඩ ලබානොදී ඒවා වැළැක්වීම කටයුතු කිරීම සිදුකිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කළ යුතු වුවත් එවැනි තත්ත්වයක් සිදුනොකර ඇති බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දැන දැනම රටේ ජනතාවට පිළිකාකාරක අඩංගු ආහාර වර්ග භාවිතයට ඉඩ දී ඒවා වැලක්වීම අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් සම්පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙසට (05) පොලිස්පතිවරයාට විශේෂ පැමිණිල්ලක් සිදුකරනු ලබන බවද එම සංගමය සඳහන් කර සිටියේය.

නුෂාඩ් බේරාගන්න සිද්ධිකා බිල්ලට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මේ වනවිට චෝදනා පිට චෝදනා එල්ලවෙමින් තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මෙතරම් බරපතළ චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තේ එහි සභාපති ධූරයට සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා පත්වීමෙන් පසුවය.

එල්ල වන සියලු චෝදනා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මත පටවා සභාපති නුෂාඩ් පෙරේරා ගලවා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට දියත් වෙමින් ඇති බව ප්‍රමිති ආයතනයේ සේවකයින් කියා සිටී.

ගැසට් වෙනස් කිරීම මගින් සීනි ආනයනය කරන එක් ව්‍යාපාරිකයෙකුට අධික ලාභයක් අත්පත් කර ගැනීමට සහ එම සීනි වැඩි මිලට සතොස ආයතනයට මිලදී ගැනීමට චෝදනා ලැබ සිටින එවකට සභාපති නුෂාඩ් කිසිදු පරීක්ෂණයකින් හෝ දඬුවමකින් තොරව ප්‍රමිති අයතනය සභාපති කිරීමට ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත්තේය. කලින් වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති ප්‍රමිති ආයතනය අවසාන කැබිනට් සංශෝධනයේදී ජනාධිපතිවරයා යටතේ ඇති තාක්ෂණ අමාත්‍යංශයට පවරා ගන්නා ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *