බුදු පිළිම කඩා දැමීමේ ඉන්දියානු ජාතිකයා අභිරහස් ලෙස මරණයට

කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී

කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇතැයි වාරියපොළ රෝහලේ ප්‍රකාශයෙක් පැවසීය.

වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී (5) රාත්‍රීයේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට රැගෙන ආ බවත් එසේ පැමිණෙන අතරතුර ඔහු මියගොස් ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවරිදි පුද්ගලයෙකි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කොට ඇති බවත් අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්‍ෂණය සහ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශීක්‍ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරියා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ කළ ත්‍රස්තවාදීන් සම්බන්ධකරණය කළේ, ඉන්දියානු ජාතික බුද්ධි අංශ නිළධාරියෙකු යැයි පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීමේ කොමිසම හෙළිකර ඇති පරිසරය තුළ, තවත් ඉන්දියානු ජාතිකයෙක් බුදු පිළිම වලට හානි සිදු කළේ තවත් ආගමික විරසකයක් ඇති කිරීමේ චේතනාවකින්දැයි සොයා බැලීමට අවස්ථාව ලබා නොදී අභිරහස් ලෙස ඔහු මරණයට පත්ව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *