ජනපතිගේ ජිනීවා පිළිබඳ ප්‍රකාශයට ආර් සම්බන්ධන්ගෙන් ලැබුණු පිළිතුර

ගෝඨාභයට සම්බන්ධන්ගෙන් ලැබුණු ප්‍රති පිළිතුර

ගෝඨාභයට සම්බන්ධන්ගෙන් ලැබුණු ප්‍රති පිළිතුර

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගෙනෙන ලද නිර්දේශය ශ්‍රී ලංකා රජය දේශපාලනික උවමනාවන් මත ඊට විරුද්ධ වන බව ප්‍රති තර්කය ඉදිරිපත් කළ ද ලංකාණ්ඩුවට එම නිර්දේශ ප්‍රතික්ෂේප කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් විවරණය කරයි.
තවද කල්යත්ම එම තීරණයන් මුළුමනින්ම ක්‍රියාන්විතයේ යෙදීමේ පසුබිමක් ඇති වෙතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ජිනීවා පීඩනයන්ට මුහුණ දිය හැකි බවත් එයට යටත් නොවී සිටීමට තම රජයට හැකි බවත් ලංකාව නිදහස් ස්වෛරීය රාජ්‍යයක් එය ඉන්දීය සමුද්‍රයේ ඇතිවන්නාවූ බල පොරයට නතු නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය.
මේ අනුව,මෙවර ප්‍රකාශිත මානව අයිතිවාසිකම් කොමිසමේ නිර්දේශ මුළුමනින්ම ශ්‍රී ලංකාව කෙරෙහි ක්‍රියාත්මක වෙතැයි ඔබ විශ්වාස කරනවා දැයි ඇසූ ප්‍රශ්නයට දෙමළ ජාතික සන්ධානයේ නායක මෙසේ පිළිතුරු දුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර නිර්දේශිත තීරණයන් වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගකීම හා මානව හිමිකම් සම්බන්ධයෙන්ය බවද,
මෙවැනි තීරණයන් මුලින් ද සම්මත වී ඇති අතර ඒවා සියල්ලම ප්‍රතික්ෂේප කළ නොහැකිය බවද, ඒ අනුව ප්‍රතික්ෂේප කිරීම යන්නෙන් ප්‍රකාශ කිරීම අන්තර්ජාතික තීරණයන් උල්ලංඝනය කිරීමම වේ. එමෙන්ම අන්තර්ජාතිකව ඇති කරගත් සම්මුතීන් හා එකඟතාවයන් උල්ලංඝනය කිරීම ද වේ. මෙම පිළිවෙත රටේ අනාගතයට යහපතක් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇති චෝදනාවන් වන ජන සංහාරය, මානව අයිතිවාසිකම්, මානුෂීය නීතිමය රාමුව මෙන්ම යුද අපරාධ යනාදිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර සත්‍යය සොයා ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

මීට පෙර සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් පත්කරන ලද නිලධාරීන් ද මෙම කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර සිටි බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙවර එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ කොමසාරිස් වාර්තාවේ ද මෙවැනි සංසිද්ධීන් අන්තර්ගත වේ යැයි කියා සිටියේය.

ඒ අනුව මෙවැනි සාපරාධි සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉතාම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ශ්‍රී ලංකා රජය මෙවැනි විමර්ශනයන් සිදු නොකළ බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයන් නිසි අයුරින් ගෙන යාමට අත්‍යාවශ්‍ය වී ඇති බවත් එය කාලයත් සමගම නිතැතින්ම සිදු වෙතැයිද ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ නිර්දේශ සම්බන්ධයෙන් ලංකා රජය අභ්‍යන්තර දේශපාලනික තත්ත්වයන් මත විවිධ අදහස් පළ කළ ද, එක්සත් ජාතීන්ගේ තීරණයන් නිර්දේශයන් ප්‍රතික්ෂේප කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

එපමණක් නොව ඉන්දීය සාගරික ප්‍රාන්ත දේශපාලනයේ සියලුම පිය සටහන් කෙරෙහි ඉතා වුවමනාවෙන් බලා සිටින ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් දිගුකාලීන ප්‍රතිපත්තීන් මත ක්‍රියා කරමින් සිටිතැයි ද,
මෙහිදී දේශීය ආරක්ෂාව හා ආර්ථිකය මෙන්ම අනෙකුත් රටවල් සමග ඇති හොඳ හිත යනාදිය පිළිබඳව විමසුම් ඇසින් ඔවුන් කටයුතු කරතැයි ද, ඒ අනුව එවැනි රටවල් අත්හැර යා නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

– IBC Tamil

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *