කාදිනල් හිමිගේ ප්‍රකාශය දේශපාලනිකයි; ඇත්ත බෝම්බකරුවන් හෙවීම යටපත් වෙලා යනවා – දයාසිරි ජයසේකර

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැඩි විවේචනයට ලක් කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශයෙන් සිදුවන්නේ ඇත්තම බෝම්බකරුවන් සෙවීම වෙනුවට අවධානය වෙනතක යොමුකිරීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

“බෝම්බ ගැහුවෙ මෛත්‍රීපාල මහත්තයා නෙවෙයිනෙ. බෝම්බ ගහපු මිනිහාව හොයාගන්න එකයි අපි කළයුත්තේ. මං හිතන්නෙ නිවැරදි බෝම්බකරු කවුද කියන එක මේවාගෙන් යටපත් වෙලා යනවා.

ඒ රජයේ හිටියෙ ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. අගමැතිවරයා, ඇමතිවරු හිටියා. හැබැයි ඒ අය ඔක්කොම පැත්තකට විසි කරලා මෛත්‍රීපාල මැතිතුමා විතරක් අල්ලාගන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න අපි ගෙනියන මේ වැඩපිළිවෙල තුළ කියන එකයි මට කියන්න තියෙන්නෙ. මේ ප්‍රකාශය තුළ විශාල දේශපාලනයක් තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ (05) පැවති ශ්‍රීලනිප විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *