පාම් ඔයිල් ආනයනය සහ කටු පොල් වගාව තහනමට – ජනාධිපති උදෙස්

ජනපතිගේ පාම්තෙල් තහනමට උඩින් අගමැතිගෙන් අලුත් ගැසට් එකක්

ජනපතිගේ පාම්තෙල් තහනමට උඩින් අගමැතිගෙන් අලුත් ගැසට් එකක්

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනයත් කටු පොල් වගාවත් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උදෙස් පරිදි (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.

දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඳහන් කරයි.

මේ අතර දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *