විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත්, සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත්, සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත්, සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි පරීක්‍ෂණයෙන් ද තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්‍ෂණවලින් එම පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වූ අතර පසුව කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් ද එය තහවුරු වී තිබේ.

එම ගුදම්වලින් ලබාගත් පොල්තෙල් සාම්පලවල පරීක්‍ෂණ ප්‍රතිඵල කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පාරිභෝගික සේවා අධිකාරීයට (01) යොමු කරන ලදී.

සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් ද ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වී ඇති බවත් එහි ප්‍රතිඵල කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවත්ය.

මෙම ආයතනවලින් ගෙන්වා තිබෙන පොල්තෙල්වල පිලිකා කාරක ප්‍රමාණයට වඩා අඩංගු බවට සනාථ කළ යුතු නිල ආයතන දෙක වන සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රමිති ආයතනය තහවුරු කර ඇති බැවින් පසුව ලැබෙන වාර්තා කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවයි.

රේගු දෙපාර්තමේන්තුව සමාගම්වල ගුදම්වලට නිකුත් කළ පොල්තෙල් ප්‍රමාණයන් එම ගුදම්වල නියමිත පරිදි තිබේ දැයි මේ වන විට පරීක්‍ෂා කරන බවත් එහිදී වෙනසක් ඇති වුවහොත් එම පොල්තෙල් ප්‍රමාණය ද සොයා විනාශ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාරිභෝගික සේවා අධිකාරිය සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි මීට දින කීපයකට පෙර ලබාගත් පොල්තෙල් සාම්පල 125 පරීක්‍ෂණ සඳහා මේ දක්වා දක්වා කිසිඳු ආයතනයකට ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

මේ අතර ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා සහ පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ පස්වරු හතයි තිහට පමණ මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පොල්තෙල් තොගය සොයාගෙන ඇත..

පොලිසිය සහ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිස් එම ගබඩාවට යන අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන්ම ගබඩාව ඇතුළට දමා බට වලින් එම ගබඩාවේ වහලය මත තනා තිබූ ටැංකියකට මෙම පොල්තෙල් බාමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.

මෙම පොල්තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් එම කන්ටේනර් රථයේ පොල් තෙල් ලීටර් 28 000 අධික ප්‍රමාණයක් පවතින බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසුසු ඒවාද ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සඳහා අවසරයක් ලබා ඇති ඒවාද යන්න කිසිදු ලියකියවිල්ලක් එම් පුද්ගලයන් සතුව නොමැති බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.

පසු ගිය දා පාරිභෝගික අධිකාරිය මගින් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පොල් තෙල් අලෙවි කරන ස්ථානයක් මේ ආකාරයෙන් මුද්‍රා තබා තිබිණි. එම පොල් තෙල් ගබඩාව ද හිමිකරු මෙම පොල්තෙල් තොගය ගෙන්වා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *