දිස්ත්‍රික්-සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාධ්‍යයට තහනම්, ජනමාධ්‍ය අමාත්‍ය පවා දන්නෑලු

දිස්ත්‍රික්-සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාධ්‍යයට තහනම්!, ජනමාධ්‍ය අමාත්‍ය එගෙන දන්නෙත් නෑ

දිස්ත්‍රික්-සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාධ්‍යයට තහනම්!, ජනමාධ්‍ය අමාත්‍ය එගෙන දන්නෙත් නෑ

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වාර්තා කිරිමට මාධ්‍යවේදීන් සහභාගීවිම වළක්වමින් ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා චක්‍රෙල්ඛයක් නිකුත් කර ඇත.

මෙම රැස්විම් වල කරුණු වාර්තා කිරිමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් ඒ සඳහා අදාල දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්විම අවසානයේ එම කමිටුවල සභාපතිවරයා හා මහජන නියෝජිතයින් සමග වෙන වෙනම සාකච්ඡා පැවැත්විය හැකි යැයි එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු පැවැත්විම පිළිබඳ මාර්ගෝපදේශ සැපයිම සඳහා මෙම චක්‍රෙල්ඛය නිකුත් කර ඇති අතර එහි මාධ්‍යයට කරුනු වාර්තා කිරිම යන තේමාව යටතේ ඉහත උපදෙස ලබාදි තිබේ.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *