ASP අයින් කරන්න මම යැවු ලිපිය සමාජ මාධ්‍ය වලට ගිය විදිහ හොයන්න පරීක්ෂණයක් කරන්න – අරුන්දික ඉල්ලයි

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වෙන්නප්පුව පොලිස් ස්ථානයෙන් ඉවත් කර හලාවත මැතිවරණ කොට්ඨාශයේ කිසිදු පොලිස් ස්ථානයකට අනුයුක්ත නොකරන ලෙස තමන් කල ඉල්ලිම සහිත ලිපිය සමාජ මාධ්‍ය වලට නිකුත් වුයේ කෙසේදැයි පරික්ෂණයක් කල යුතු බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසයි.

සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්‍රයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පල කල රාජ්‍ය ඇමතිවරයා එරික් පෙරේරා සහකාර පොලිස් අධිකාරිවරයා වෙන්නප්පුව පොලිසියට පැමිණීමෙන් පසු දිගින් දිගටම සිදුකල නීති විරෝධි කසිප්පු ජාවාරම් වැටලිම් නිසා ප්‍රදේශයේ ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වූ බව පවසයි.

“මේ වන විට ඉතාමත් නින්දිත ආකාරයෙන් සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාවත් ආණ්ඩුවත් විවේචනය කරනවා. ASP ව අයින් කරන්න කියලා මම යැව්ව ලියුම සමාජ මාධ්‍ය වලට නිකුත් වුනේ කොහොමද කියලා පරීක්ෂණයක් තියන්න ඕනේ.” රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *