කොළඹ මාර්ග තදබදය අවම කරන්න කුලුනු මතින් දිවෙන දුම්රිය මාර්ග 4ක්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ..

රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති මෙම දුම්රිය මාර්ග 04 ඉදිකරනු ලබන්නේ පෞද්ගලික සහ රජයේ ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රමයක් යටතේ බව ඊයේ (30) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති ඇමැති සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පැවැසීය.

එහිදී යෝජිත රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙන අතර හරිත දුම්රිය මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ධාවනය කිරීමට නියමිතය. එම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 28ක් වේ.කිලෝමීටර් 23ක දුරකින් යුතු නීල දුම්රිය මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය කෙරේ.දම් දුම්රිය මාර්ගය කොළඹ වරාය නගරයෙන් ආරම්භ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ධාවනය කිරීමට නියමිත බව ද බලශක්ති ඇමැති සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා කියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *