විදෙස්ගත ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනයට සංචාරක හෝටල් 10ක් – එක් වරකට 571 දෙනෙකුට පහසුකම්

විදෙස්ගත ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනයට සංචාරක හෝටල් 10ක් - එක් වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම්

විදෙස්ගත ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනයට සංචාරක හෝටල් 10ක් - එක් වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම්

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ට නොමිලේ නිරෝධායන පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන 10ක් සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, වැලිගම, හික්කඩුව, අහංගම, වාද්දුව, දික්වැල්ල, තංගල්ල, මීගමුව යන ප්‍රදේශවල සංචාරක හෝටල් හා නිකේතන 10ක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස තෝරාගෙන ඇත.

එම නිරෝධායන මධ්‍යස්ථාන 10 මගින් එක් වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම් ලබා දීමට හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ සඳහා සතියකට රුපියල් මිලියන 18ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව, එක් පුද්ගලයෙකු සඳහා දිනකට රුපියල් 4500ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කරන අතර එක් අයෙකු සතියක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානය තුළ රඳවා ගන්න බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *