වී මෝල් හිමියන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට පගාව දීලා – ඇමති මහින්දානන්ද

ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා - මහින්දානන්ද

ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා - මහින්දානන්ද

වී මෝල් හිමියන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍යවලට මුදල් ගෙවා රටේ සහල් හිගයක් තිබෙන බවට ව්‍යාජ ප්‍රවෘත්ති පල කරන්නේ යැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා එල්ල කර තිබේ.

පසුගිය 23 වනදා පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රටේ කිසිදු සහල් හිගයක් නැති බවය.

ඔහු වැඩිදුරටත් මෙසේ පවසා තිබේ. “ජනතාවගේ පරිභෝජනය සඳහා සහල් කිලෝ එක්ලක්ෂ අනූ පන්දහසක් (195,000Kg) මාසිකය අවශ්‍ය වෙනවා. වසරක පරිභෝජන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක්. මේ වනවිට වී මෙට්‍රික් ටොන් මිලියන 6ක අතිරික්තයක් තියෙනවා. වී හිගයක් තිබෙන බව කියන අයට මා අභියෝග කරන්න සූදානම්.” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *