සුවස් ඇලේ විශාල නෞකාවක් සිරවෙයි..

ලොව කාර්යබහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට දැඩි බාධා එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

මෙලෙස සිරවි ඇත්තේ “MV Ever Given” නැමති දිගින් අඩි 1,312ක් සහ පළලින් අඩි 175ක් වන විශාල ප්‍රමාණයේ බහාලුම් ප්‍රවාහන නෞකාවකි.

මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100ක් පමණ පෙළ ගැසී තිබෙන බවත්, මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද ගමන් කිරිමට නොහැකිව සිරව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *