‘පියාගේ රැකවරණය පතා දිව ගිය’ 7 හැවිරිදි දැරියක් මියන්මාර හමුදා වෙඩි තබා ඝාතනය කරයි

මියන්මාර් හමුදා පාලනය: 'පියාගේ රැකවරණය පතා දිව ගිය' 7 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කරයි

මියන්මාර් හමුදා පාලනය: 'පියාගේ රැකවරණය පතා දිව ගිය' 7 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කරයි

මියන්මාරයේ පාලන බලය හමුදාව අතට පත්වීමෙන් පසු මෙතෙක් සිදුවූ ළාබලතම මරණය වශයෙන් 7 හැවිරිදි දැරියක ඝාතනය කළ අනුවේදනීය පුවතක් වාර්තා වේ.

මියන්මාර් හමුදා පාලනය: 'පියාගේ රැකවරණය පතා දිව ගිය' 7 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කරයි

කින් ම්යෝ නමැති එම දැරියගේ පවුලේ සාමාජිකයින් බීබීසී පුවත් සේවයට පවසා ඇති පරිදි දැරිය වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇය සිය පියා වෙත දුව යමින් සිටියදීය. මියන්මාරයේ මණ්ඩලායි නගරයේදී මෙම ඝාතනය සිදු වී තිබේ.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර ඊට එරෙහිව හමුදා බලය යෙදවීම ද වැඩිවෙමින් පවතී.

මිය ගිය දැරියගේ වැඩිමල් සොහොයුරිය පවසා ඇත්තේ, මණ්ඩලායි නගරයේ අවට නිවාස සෝදිසි කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය නිවසට එක්වර ම ඇතුළු වී අවිආයුධ සෙවීමට පටන් ගත් බවය.

“ඒගොල්ලෝ අපේ දොරට ගහලා දොර ඇරියා. ඊට පස්සෙ තාත්තාගෙන් ඇහුව ගෙදර වෙන කවුද ඉන්නෙ කියලා,” ඇය පැවසීය.
කිසිවෙකු නැතැයි පියා පවසද්දී පොලිස් නිලධාරීන් ඔහු බොරු කියන බවට චෝදනා කරමින් නිවස සෝදිසි කර තිබේ.

මිය ගිය දැරිය සිය පියාගේ උකුළ මත හිඳ ගැනීම සඳහා දිවවිත් ඇත්තේ, එම අවස්ථාවේදීය.
“ඒ වෙලාවේ ඔවුන් නංගිට වෙඩි තිබ්බා,” වැඩිමල් සොහොයුරිය වන මේ තූ සුමායා පැවසීය.

දැරියගේ පියා වෙනත් පුවත්පතකට පවසා තිබුණේ, “තාත්තේ මට බැහැ. ගොඩක් රිදෙනවා,” යනුවෙන් සිය දියණිය අවසන් වරට පැවසූ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *