Type to search

පිළිකා කාරක අඩංගුව බව තහවුරු කළ පොල්තෙල් තොගයක් රේගුවෙන් නිදහස් කරලා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පිළිකා කාරක අඩංගුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් තොගයක් නිදහස් කර තිබේ.

සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී (23) රේගුව ඒවා නිදහස් කර ඇත.

මේ සම්බන්ධයේන පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළ හැකි බවය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *