සීනි වංචාව: ජනතාවට සහන සැලසීමට සීනි බද්ද අඩු කළා – රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

සංචරණ සීමා නිසා රටේ ආර්ථිකයට වූ පාඩුව කෝටි 6000ක්, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500ක්

සංචරණ සීමා නිසා රටේ ආර්ථිකයට වූ පාඩුව කෝටි 6000ක්, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500ක්

ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීම සඳහා සීනි සඳහා වන බද්ද අඩුකිරීමට 2020 ඔක්තෝබර් 13 වැනිදා තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී (23) ප්‍රකාශ කළේය.

සීනි සදහා බදු අඩුකිරිම හේතුවෙන් රුපියල් බිලියන 15.9 ක මුදලක් රජය අයකරගෙන නොමැති බවත් එලෙස අයකර ගෙන නැත්තේ ඕනකමින් වන අතර මේ තුළ කිසිඳු වංචාවක් සිදුවී නොමැති බවත් ඇමැතිවරයා පැවැසීය. බදු අඩුකිරීම වැඩිකිරීම රජයක් විසින් සිදුකරන්නේ සැලසුම් සහගතව වන අතර වත්මන් රජය බදු අඩුකරමින්, බදු සහන ලබාදෙමින් කටයුතු කළද පසුගිය රජය ඕනකමින්ම අසීමිත ලෙස බදු වැඩිකරමින් ජනතාවට දැඩි පීඩනයක් ගෙන දුන් බවද ඇම­ැතිවරයා පැවසීය.

සීනි සඳහා වන බද්ද අඩුකිරීමේ වාසිය ජනතාවට ගොස් නැති බවට මතවාදයක් ගොඩනගන්නට විපක්ෂය උත්සාහ කළද එහි වාසිය ජනතාවට මේ වනවිටත් ලැබී ඇති බවද ඇමැතිවරයා කීය‍.

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේ සීනි බද්ද අඩුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එමෙන්ම සීනි බද්ද අඩුකිරීම සිදුවූයේ ප්‍රථම වතාවට නොවන අතර මීට පෙරද අවස්ථා ගණනාවකදී සීනි බද්ද රුපියල් පනහේ සිට ශත විසිපහ දක්වා අඩුකර ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

එමෙන්ම සීනි බද්ද අඩුකිරීම සම්බන්ධයෙන් විවිධ මතවාද ගොඩනගන්නට උත්සාහ කළද එල්ලවූ කොවිඩ්19 වසංගත තත්ත්වය යටතේ ජනතාවට සහන ලබාදීමේ අපේක්ෂාවෙන් පරිප්පු, ටින්මාළු, ලොකුලූනු ආදියෙහිද බදු අඩුකළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේද පැවැසීය. සීනි බද්ද අඩුකළේ පළමු වතාවට නෙමෙයි.පැවැති රජයත් මෙය සිදුකර තිබෙනවා. බදු අඩුකළා පස්සේ එහෙමම තිබුණනං කමක්නෑ. අපි වගේ. නමුත් මාස දෙකකට පස්සේ ආපහු ඒක රුපියල් 15 ක් කළා. එතකොට ඒ කාලෙට කෙනෙක්ට අවස්ථාව තිබ්බා ආනයනය කරලා ඒකෙන් ලාබය ගන්න. අපිත් එහෙම කරන අය කියලා විපක්ෂය හිතන්නට ඇති.ආනයන සීමාකිරීමේ අදහසින් රුපියල් 35බද්ද රුපියල් 50 ක් කරලා පස්සෙ ශත 25 ට අඩුකළා.

ඒක පමණක් නෙවෙයි ඒ වෙලාවේ සීනි පමණක් නෙවෙයි අපි ලොකු ලූනු රුපියල් 50 සත 25 කෙරුවා. මොකද ඒ වෙලාවේ අවශ්‍යතාවය තිබුණේ ජනතාවට සහන ලබාදෙන්න. කොවිඩ් නිසා මේ තීරණය ගත්තා 2020 ඔක්තෝබර් 13 මේ සහන ලබාදිය යුතුයි කියලා.

ඔබතුමාලට සහනදීම පුරුදු නැති නිසා තමයි මේ සැකය.පරිප්පු සඳහා රුපියල් පහේ තිබිච්ච ඩියුටි එක ශත 25 ට අඩු කෙරුවා.ටින්මාළු සඳහා රුපියල් සීයට තිබ්බ එක අඩුකරා ශත25ට.සීනි සදහා රුපියල් 50 එක සත 25 ට අඩුකෙරුවා. ඒනිසා ඒ අඩුකිරීම සිදුවුණේ සමස්තයක් විදිහට.

නමුත් ධීවර ප්‍රජාව නිසා නැවත මාස දෙකකට පස්සේ ටින්මාළු එක රුපියල්100 දක්වා වැඩිකරන්න සිදුවුණා. ඒනිසා මේක සීනි සදහා පමණක් නොවෙයි. එකේ බලපෑම මොකක්ද මම පැහැදිලි කරලා දෙන්නම්. සීනි සදහා බදු අඩුකිරිම නිසා රුපියල් බිලියන 15.9 අයකරගෙන නැහැ ඕනකමින්. ඒක වංචාවක් නෙවෙයි බදු අඩුකරද්දි රජයේ ඕන කමින් තමයි කරන්නේ.

ඔබතුමන්ලා ඕනකමින් වැඩි කෙරුවා. සමහර තැන්වල මේ අය කියනවා ඒ සහනය ජනතාවට ගියේ නෑ කියලා. ඒක ක්ෂණිකව සිදුවෙන්නේ නැහැ. ඒකට යම්කිසි කාලයක් යනවා. ඒක සිදුවෙනවා අද වෙනකොට. ඒක සිදුවෙලා ඉවරයි. බදු වැඩිකෙරුවා නම් ඒක ක්ෂණිකව යනවා. මේ නිසා බජට් එකට ඉස්සර බොහෝ විට මිනිස්සු කතා කියනවා. වැඩිකෙරුවාම නෙවෙයි ප්‍රශ්නය එන්නේ අඩු කෙරුවම.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *