“පළාත් සභා තිබ්බොත් ආණ්ඩුවට විරුද්ධව ගෙන් ගෙට යනවා” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය ගෙන ඇති තීරණයට මහා සංඝරත්න ලෙස සිය දැඩි විරෝධය පළකරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේ ආණ්ඩුවෙ දිනුවෙ මහා සංඝරත්නය එකාමෙන් සම්බන්ධ වෙලා. පළාත් සභා අපට එපා කියන සංකල්පය අපි දිගටම ගෙනියන්න සූදානම් වෙනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙ සෞභාග්‍යයේ දැක්මට පළාත් සභාවෙන් ප්‍රයෝජනයක් නෑ. පළාත් සභා ඉවත් කරලා පළාත් පාලන ආයතන සංවර්ධනය කළොත් ඒ ප්‍රයෝජනය ගන්න පුළුවන්. කොරෝනාවෙන් ආර්ථිකය වැටුණා, පළාත් සභාවෙන් තවත් වැටෙනවා මිසක් ගොඩගන්න බෑ.

අපි දැඩි ලෙස මීට විරුද්ධව වැඩ කරනවා. දැනටම සංවිධානය වෙලා තියෙනවා පළාත් සභා ගෙනාවොත් ගෙන් ගෙට ගිහිල්ලා පළාත් සභා සටන අසාර්ථක කරන්නට” යැයි උන්වහන්සේ පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *