Type to search

කල්පිටිය, වේලන්කන්නි දේව ප්‍රතිමාව කැඩුවේ සහරාන්ගේ ගෝලයෙක් ලූ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කල්පිටිය, ඒත්තුකාල ජනපදයේ ප්‍රධාන මංසන්ධියේ වේලක්කන්නි දේවමාතා ප්‍රතිමාව තැන්පත්කර තිබූ වීදුරු කුටිය කඩා දේව ප්‍රතිමාව පොළොවේ ගැසූ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා දැඩි අන්තවාදී මත දරන අයකු බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ප්‍රතිමා වන්දනාව ප්‍රතික්‍ෂේප කරන නිසාත්, මූලධර්මවාදී මුස්ලිම් ආගම පමණක් ලෝකයේ තිබිය යුතු බව විශ්වාස කරන නිසාත් මෙවැන්නක් කළ බවට ප්‍රශ්න කිරීමේදී සැකකරු පැවැසී යැයි පොලිසිය කියයි.

මෙම සැකකරු දැනට තහනම් කර ඇති ‘ජවුහිත් ජමාතේ’ නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරිකයකු බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

– MR

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *