සිංහරාජය ගැන භාග්‍යා දැරිය කී කතාවෙන් පසුව වූ දේ

සිංහරාජය ගැන භාග්‍යා දැරිය කී කතාවෙන් පසුව වූ දේ

සිංහරාජය ගැන භාග්‍යා දැරිය කී කතාවෙන් පසුව වූ දේ

සිසුවියගේ නිවෙසට පොලිසියෙන් යයි: ප්‍රකාශයකුත් ගනී

සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි.

මේ අතර වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු කියා සිටියේ එවැනි සිද්ධිවල නිරවද්‍යතාව තහවුරු කර වන විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.

ජාතික භික්ෂු පෙරමුණේ විරෝධය

මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩ කරන්නේ – ජාතික භික්ෂු පෙරමුණ
මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩ කරන්නේ – ජාතික භික්ෂු පෙරමුණ

සුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සිංහරාජයේ පරිසර විනාශය පිළිබඳව හෙළිදරව් කළ භාග්‍යා අබේරත්න නම් දැරියට එල්ලකරන පීඩනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වාහම සමාව ගත යුතුයැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසති.
වකමුල්ලේ උදිත හිමියෝ මේ බව පැවසූවේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

විපක්ෂ නායකගේ විරෝධය

රුපියල් දෙදාස් පන්සීයකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කියූ ඇමතිවරයෙක් විවාදයකට එන්න යැයි කරන අභියෝගය විහිලුවක් - සජිත් ප්‍රේමදාස
රුපියල් දෙදාස් පන්සීයකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කියූ ඇමතිවරයෙක් විවාදයකට එන්න යැයි කරන අභියෝගය විහිලුවක් – සජිත් ප්‍රේමදාස

සිංහරාජ වනාන්තරය හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් භාග්‍යා අබේරත්න දැරිය රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කිරීමෙන් පසු ඇයගෙන් කට උත්තරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පළ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය වෙනුවෙන් කොළඹ හයිඩ් පිටියේදී පැවති රැළියක් අමතමිනි.

“කොයි තරම් ලැජ්ජ නැති ආණ්ඩුවක් ද කිව්වොත් අර දැරියක් එක්තරා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ල පරිසරය පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. අවංක හදවතින් ම පපුවෙන් ම උත්තරේ දුන්නා. මේ පපුවෙන් ම දුන්න උත්තරේ සත්‍යයක්. ඒක තමයි මේ මහ පොළොවේ යථාර්ථය. හැබැයි මේ සත්‍යය මේ මහ පොළොවේ යථාර්ථය අද රජයට ඔරොත්තු දෙන්නෙ නෑ. ඇත්ත කතා කරනකොට ඒවා ඉවසා දරාගන්න බෑ. කොයි තරම් පහත් මට්ටමකට ගිහිල්ල ද කිව්වොත් ඒ භාග්‍යා අබේරත්න දැරිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කොට්ඨාසයේ ජීවත් වන දැරිය හැම දා ම යන එනකොට වන සංහාරය, වන විනාශය ඇස් දෙකට දකිනවා. එතුමිය කියනව හෝටල් හැදුවට වැඩක් නෑ හෝටලයට ගිහිල්ල ඒ පරිසරයේ තිබෙන ඒ සුවඳ ඒ සෞන්දර්යය ඒ ආස්වාදය දැක ගන්නට බැරි නම් මේ කොන්ක්‍රීට් සංවර්ධනයෙන් ඇති ඵලය මොකක් ද කියල. එතුමිය ම අහනවා. හැබැයි මොකක් ද සිද්ධ වුණේ? ප්‍රකාශය කරල පැය කිහිපයක් ගත වුණා විතරයි කට උත්තරයක් ගන්න යනවා. මිත්‍රවරුනි, කට උත්තර දෙන්නත්, කට උත්තර බඳින්නත් කාලයක් ඉස්සරහට එනව..”

වනජීවී හා වන සංරක්ෂණ ඇමති දැක්වූ ප්‍රතිචාරය

මෙරට ජනප්‍රිය රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට සහභාගී වූ තරගකාරියක සිංහරාජ වනාන්තරය හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් නැගූ චෝදනා පිළිබඳව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අදහස් දක්වා තිබේ.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශ සිදු කරන තැනැත්තන් නිවැරදි කරුණු සොයා බලා ඒවා ඉදිරිපත් කළ යුතු බවය. තංගකැලේ සිට මැඩ්ඩ්‍රාප් වත්තට පිවිසෙන වතු මාර්ගය සංවර්ධනය කිරීමේ ආරම්භක උත්සවයට (14) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“පරිසරයේ ගස් කපනවා. අලි මැරෙනවා. මේකනේ දැන් කට්ටිය කියන්නේ. ඇතැම් අය මාධ්‍ය මගින් කියනවා සිංහරාජ වනාන්තරයේ හෝටල් හදනවා කියලා. සමහර තැන්වලදී අපි කරුණු පෙන්නලා දෙනකොට ඒ අයට දීර්ඝ කාලීන ඔප්පු තියෙනවා. කැලෑවක් ඇතුළේ ගෙවල් හදන්න බැහැනේ. නමුත් පසුගිය කාලයේ හදපු ගෙවල් තියෙනවා.

සිංහරාජ කැලේට අත තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. ඒකත් මතක තියා ගන්න. මේවා මාධ්‍යයට කියන අය ඒවා සම්බන්ධයෙන් නිවැරදිව කරුණු හොයලා බලලා නිවැරදි තොරතුරු සොයා ගෙන ඉදිරිපත් කළ යුතුයි”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *