‘අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරං ගහේ එල්ලෙන්න යනවා’

'අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරං ගහේ එල්ලෙන්න යනවා'

'අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරං ගහේ එල්ලෙන්න යනවා'

ක්ෂුද්‍ර මූල්‍ය ණය හෙවත් මයික්‍රෝ ෆයිනෑන්ස් පහසුකම් හරහා අඩු ආදායම්ලාභීන් විශාල ණය උගුලක පැටලවීමට එරෙහිව ‘ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුවේ’ මෙහෙයවීමෙන් අද හිඟුරක්ගොඩ දී පැවති විරෝධතාවට සහභාගී වූ Kaushalya Herath මෙම සිතුවම ඇයගේ මුහුණුපොතේ පල කර තිබිණ.

උද්ඝෝෂකයින් සමඟ පැමිණ සිටි දරු දැරියන්ට කඩදාසි සහ පාටකූරු ලබා දී කැමති දෙයක් චිත්‍රයට නගන ලෙස පැවසූ විට එක වසරේ ඉගෙනුම ලබන දරුවෙක් විසින් ඒ චිත්‍රය ඇඳ තිබිණ. තවමත් හරිහැටි අකුරු ලියන්නට පවා නොදත් දරුවා තම චිත්‍රය තුළින් පැවසෙන කතාව කෞෂල්‍යාට පැහැදිලි කර දී තිබිණ.

‘අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරං ගහේ එල්ලෙන්න යනවා’

1998 වසරේ ඩී.එස්.අයි. ‘සිතුවිලි ශ්‍රී ලංකා’ චිත්‍ර තරගාවලියේ ප්‍රාථමික අංශයට ලබා දුන් තේමාවන් අතර ‘මා දකින වටපිටාව’ යන්න ද විය. සුන්දර ගම්මානයක් චිත්‍රයට නැගූ තලාව තිරප්පනේ සිසුවෙක් සමස්ත ලංකා තරගාවලියේ ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය දිනාගන්නා විට අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙන සුසාන භූමියක් සිතුවමට නැගූ කොළඹ පාසලක දරුවෙක් දෙවැනි ස්ථානය හිමි කරගත්තේ ය. වටපිටාව ලෙස ‘සුසාන භූමියක්’ සිතුවමට නගන්නේ දරුවාගේ ම සිතිවිල්ලක් ලෙස ද නැතහොත් වැඩිහිටියෙක්ගේ බලපෑම හරහා ද යන්න ඒ දිනවල සංවාදයට ලක් වූ අතර, සිතුවම් සංකල්පයේ සැබෑ හිමිකරු කවුරුන් වුව ද තාප්ප තුළට කොටු වූ නාගරික දරුවන්ට අහිමිවන ළමා කාලය පිළිබඳ කණගාටුවක් ඒ සංවාද තුළ ගැබ්ව තිබිණ.

ඊට වසර විසි තුනකට පසුව සංකල්පයේ සැබෑ හිමිකරු කවුරුන්දැයි අවිනිශ්චිත තවත් සිතුවමක් දැක හදවත සසල වී සිටිමි. අතට වෙරළු ඇහිඳ එන්නට, ඉණට පලා නෙළා එන්නට හෝ බරටම දර රැගෙන එන්නට ගියායැයි පවසන පහසුවෙන් ම අම්මා, ණය ගෙවාගත නොහී ලණුවක් ගෙන එල්ලෙන්නට ගියේයැයි විස්තර කරන්නට හැකි වූ නොදරුවෙක් හට මෙලොව අහිමිවන්නට තවත් දෙයක් ඉතිරි ද ?

– සහන් කසීර වික්‍රමසිංහ –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *