දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව දෙන්න – ආනන්ද සංගරී

දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව දෙන්න - ආනන්ද සංගරී

දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව දෙන්න - ආනන්ද සංගරී

දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පෙරේදා (10) අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

මේ පිරිසට වඩා විනාශකාරී ක්‍රියා කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස්වල සිටීමත් බන්ධනාගාරවල සිටින පිරිස වසර දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසාත් ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව සංගරී මහතා විසින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

පොදු සමාවන් දීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස බෞද්ධාගම පෙරදැරි කර ගත් පාලන ක්‍රමයක් මේ රටේ ගෙන යන නිසා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් මේ වන විට වැටී සිටින අසරණ තත්ත්වය ගැන සලකා ඔවුන්ට පොදු සමාවක් දීම කෙරෙහි අවධානය යොමු කරවන මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

යුද්ධය හමාර කිරීමෙන් පසුව යළිත් වරක් රටේ ජනාධිපතිවරයා වූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ජාතික නිදහස් දින උලෙළේදී කළ කතාව යළි සිහිගන්වමින් ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා සඳහන් කොට ඇත්තේ ඔබ ඒ කතාවේ සඳහන් සියලු දේ ඉටු කරනු දැකීම තම කැමැත්ත බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *