ඇඹිලිපිටිය මූලික රෝහලේ වෛද්‍ය නොසැලකිල්ල – සුඩීර සන්ජය

ඇඹිලිපිටිය මූලික රෝහලේ වෛද්‍ය නොසැලකිල්ල - සුඩීර සන්ජය

ඇඹිලිපිටිය මූලික රෝහලේ වෛද්‍ය නොසැලකිල්ල - සුඩීර සන්ජය

ඇඹිලිපිටිය මූලික රෝහලේ වෛද්‍ය නොසැලකිල්ල හේතුවෙන් මියගිය පළමු පුද්ගලයා මාගේ සහෝදරයා නොවන බව ඔබද මාද හෝදින් දන්නා කරැණකි. ඒය මා පළ කල පලමු පෝස්ටුවේ comment සාක්ෂි දරනු ඇත. පුරා අවුරැදු කිහිපයක් තුල ඇඹිලිපිටිය මූලික රෝහල ගැන මහජනයා තුළ ඇති අප්‍රසාදය ඔබ මා මෙන් නොව රෝහල් කාර්‍යමණ්ඩලය පවා පිළිගන්නා කරැණකි.

අවට විශාල ප්‍රදේශයකට ඇති ප්‍රදානතම රෝහල වන ඇඹිලිපිටිය මූලික රෝහල වෙත රෝගයක් සදහා ප්‍රතිකාර ලබාගැනීමට යන්නට සිදුවී ඇත්තේ මරණය පිළිබද අවිනිශ්චිත හැගීමකින් බව මේ කාරණයේදී මා හට හොදින් වැටහුනි. රෝහල් දොරටුවේ සිට පා ගමනින් ඇවිද ගිය මාගේ සොහොයුරා දින 7ක් ඉක්ම ගිය තැන ඔහු නිවස කරා රැගෙන ආවේ ඔහුගේ ලබැදියන්ගේ කර මතිනි. ජීවත් වන්නට ඔහුට තිබූ අයිතිවාසිකම නිර්ලජ්ජ වෛද්‍යවරියක විසින් උදුරාගෙන ඇත. නමුදු ඒ වෙනුවෙන් ඇයට ලැබූ බලපෑම කොපමණදැයි මා නොදනී. නමුත් තවමත් ඇය ඇඹිලිපිටිය මූලික රෝහලේ සේවයේ යෙදී සිටිමින් තවත් අහිංසක ජීවිත බිලි ගනිමින් සිටී. මේ පිළිබදව පරීක්ෂණය කෙතරම් සාධාරන වනු ඇතිදැයි මා බලා සිටිමි. ඒහිදී රෝහල තුලින් සිදුවන විමර්ෂණය, එය සිදු කරන ඇඹිලිපිටිය මූලික රෝහලේම වෛද්‍ය කණ්ඩායම තම හෘද සාක්ෂිය මත තීරණය වනු ඇතැයි මා අපේක්ෂා කරමි.

ඒසේ නොවුනහොත් දිනක අපගේ සහෘදයා වෙනුවෙන් නැගුනු වේදනාව ඔබගේ සහෘදයකු තුලින් දැනුනු දිනක ඔබ මුලු ජීවිතයම පසුතැවෙනු ඇත. මේ පිලිබද පරීක්ෂණය කුමන ආකාරයකට සිදු වූවත් සිදුවූ ඛේදවාචකය නැවත හැරවිය නොහැක නමුත් මින් ඉදිරියට ඇඹිලිපිටිය මූලික රෝහල තුලින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවන්නට මේ සටන සමගින් නිරන්තරයෙන් රැදෙමි. හෙට දිනක ඔබට අප හට දැනෙන වේදනාව නොදැනෙන්නට මේ වෙනුවෙන් මා සමග එක්වන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. තවද මේ පිලිබදව නිසි බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් Share කරන ලෙස ඉල්ලා සිටිමි.

– සුඩීර සන්ජය fb ඇසුරින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *