පාස්කු වාර්තාවේ ඇති නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න – කතෝලික රදගුරු සංගමය

පාස්කු වාර්තාවේ ඇති නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න; අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයින්ට ප්‍රමුඛතාව දිය යුතුයි - කතෝලික රදගුරු සංගමය

පාස්කු වාර්තාවේ ඇති නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න; අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයින්ට ප්‍රමුඛතාව දිය යුතුයි - කතෝලික රදගුරු සංගමය

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසත් එහිදී අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය පවසයි.

(09) පැවති විශේෂ රැස්වීමක් අතරතුර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු සංගමය කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කළ බවත් එහි ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ සඳහන් වන කරුණු පිළිගන්නා බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන් ම, බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින්, ඊට අනුබල දුන් අය සහ සිය රාජකාරිමය වගකීම් පැහැර හැර ඇති පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට සම්පූර්ණ බලය සහ නිදහස ලබාදිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වන අධිකරණමය ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ විය යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, කොමිෂන් සභාවේ අවසන් වාර්තාවට අදාළ ලිපිගොනු 22ක පමණ සංවේදී කරුණු අන්තර්ගත වන බව පවසමින් නීතිපතිවරයාට ලබා දී නොමැති බව දැනගන්නට ලැබී තිබෙන අතර එම ලිපිගොනු ද හැකි ඉක්මනින් නීතිපතිවරයා වෙත ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවය.

යුක්තිය ඉටුවීම සඳහා වන ප්‍රමාදය යුක්තිය නොසලකා හැරීමක් බව පෙන්වා දෙන රදගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කළේ, ඉතාමත් ඉක්මන් සහ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් හරහා අත්‍යවශ්‍ය කාරණයක් සේ සලකා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දිය යුතු බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *