කොවිඩ් මෘත දේහ භූමදානයට තෝරාගෙන ඇති ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධතා

කොවිඩ් මෘත දේහ භූමදානයට තෝරාගෙන ඇති ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධතා

කොවිඩ් මෘත දේහ භූමදානයට තෝරාගෙන ඇති ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධතා

කොවිඩ්-19 රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු කිළිනොච්චිය, ඉරණතිව් දූපතේ මිහිදන් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශ වාසීන් පිරිසක් ඉරණතිව් දූපතට පිවිසෙන ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වී ඇත.

ඉරණතිව් දූපතට පිවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණමාතා වන අතර ඉරණමාතා ගම්මානයේ කතෝලික පියතුමන්ලා සහ ස්වේච්ඡා සංවිධාන මෙන් ම ගම්වාසීන් එක්ව අද දින මෙලෙස විරෝධතාව සංවිධානය කර ඇත.

මේ අතර කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට ඉරණතිව් දූපතේ හාරන ලද බවට සැක සහිත වළවල් කිහිපයක් එහි ප්‍රදේශ වාසීන් පිරිසක් විසින් වසා දමා ඇත.

තව ද කොරෝනා මරණ එම දූපතේ භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉරණතිව් ප්‍රදේශ වාසීන් යාපනයේ පහිටි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර ඉරණතිව් දූපත යනු ධීවර කටයුතු සාර්ථකව සිදු කරන ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ කොරෝනා මරණ භූමදානයට ගත් තීරණය වෙනස් කරන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *