මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය වන ආකාරය

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය වන ආකාරය

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය වන ආකාරය

ඉදිරියේදී සියලුම පෞද්ගලික නීතීන් අහෝසි කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – එකම රටක් එකම නීතියක් වෙනුවෙන් මොනව ද ඔබ තුමන්ලා කරපු හෝම් වර්ක්?

අමාත්‍ය අලි සබ්රි – “කරුණු දෙකක් තියෙනවා. එක පෑන් පාරකින් හැමෝටම එකම නීතිය බලපානවා කියන එක නෙමෙයි. එක, නීතිය හැමෝටම තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතුයි. 12.1 වගන්තිය. දෙවැනි එක තමයි නීතියෙන් අනිත් අයට නැති වරප්‍රසාද නොතිබිය යුතුයි. එය ඉතා වැදගත්. උදාහරණයක් ලෙස එක්කෙනෙකුට බඳින වයස අවුරුදු 18යි. අනිත් කෙනාට 12ට වැඩි වුණාම කැමැත්ත ලබාගෙන. ඒක බැලු බැල්මට යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කොහොම ද අපි වළක්වා ගන්නේ. කැබිනට් මණ්ඩලය අනුමත කළා මුස්ලිම් නීතියට කරන සමහර සංශෝධන පිළිබඳව. “

ප්‍රශ්නය – මොනව ද සමහර සංශෝධන

අමාත්‍ය අලි සබ්රි – “හැමෝටම බලපාන විදියට විවාහ වන වයස අවුරුදු 18 සීමා කරන්න. කාන්තාව අත්සන් කරන්න ඕනේ එක. නඩත්තු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයට යන්න ඕනේ කියන එක ඒ කියන්නේ කාති උසාවිය වෙනුවට මහෙස්ත්‍රාත් අධිකරණයකට යන්න ඕනේ ආදි කරුණු රාශියක් කථා කරලා තියෙනවා. ඒක පළමු අදියර. ඊළඟ අදියරේ දී සියලුම නීති තියෙනවා නේ, උඩරට නීතිය, පෙසවලාමේ නීතිය අහෝසි වෙලා එක නීතියකට යනවා.“

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *