”ආණ්ඩුවට වුණේ ගලේ පැහැරූ බළලාට වූ දේ” – අනුර කුමාර දිසානායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

පාස්කු ජනාධිපති කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් පසු ආණ්ඩුවට ‘ගලේ පැහැරූ බළලාට වූ දෙය’ සිදුව ඇතැයි ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉරිදා පුවත් පතකට පැවසීය.

මෙම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට උඩින්, වටින් හා යටින් සිටියේ කවුද යන්න අදාළ වාර්තාවෙන් හෙළිදරව් නොවීම මේ වනවිට සමාජයේ දැඩි මතවාදයට තුඩු දී ඇතැයි පවසන මන්ත්‍රිවරයා සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ වේදිකාවල පාස්කු ප්‍රහාරය ගැන මතු කළ කරුණු කිසිවක් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ අඩංගු නොවී ඇති බවයි.

විශේෂයෙන් බලය ලබාගැනීමට මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය ඇතුළු කණ්ඩායම රට පුරා විශාල ජාතිවාදී රැල්ලක් මතු කළ අතර ඊට වඳ කොත්තු, වඳ ඇඳුම්, කාන්තාවන් වඳ භාවයට පත් කරන ‍දොස්තරවරුන් සිටින බවට විශාල ඝෝෂාවක් නිර්මාණය කළ බවත් අද වනවිට එම ජාතිවාදී රැල්ල ආණ්ඩුවටම පාරා වළල්ලක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *